ජනාධිපතිතුමා  යන්නේ නෑ – ජොන්ස්ටන් කියයි

214

‘‘ජනාධිපතිතුමා ධුරයෙන් ඉල්ලා අස් නොවී විපක්ෂයේ යටි අරමුණ සමග හැප්පෙන්න ලෑස්තියි’’ යැයි ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැහැ. අපි ඔබතුමාලගේ ඔය යටි අරමුණත් එක්ක හැප්පෙන්න ලෑස්තියි. අපි දන්නවා ඔබතුමාගේ ගේම් ටික. රටක් තියෙන්න ඕනේ ඔබතුමාලාට දේශපාලනය කරන්නත්, අපි ඔක්කොටම දේශපාලනය කරන්නත්. විප්ලවවාදීන්ට මේකට ඉඩ දෙන්න විදිහක් නෑ. මේවට අපි මුහුණ දුන්නා 71දී. මැතිනිය කාන්තාවක් වුණත් මේකට මුහුණ දුන්නා. රටේ තරුණයන් දහස් ගණනක් මැරුණා එදා. කනත්තට තමයි එක්ක ගියේ. කනත්තට දැක්කුවා. ඒ පාප කර්මවලින් කවදාවත් මිදෙන්න බැහැ. ඊළඟට 88 – 89 හැටදාහක් මැරුවා. ඒවා මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ.

ජනාධිපතිතුමා  යන්නේ නෑ - ජොන්ස්ටන් කියයි

ඒ නිසා අපි කියනවා කිරිපිටි, ගෑස්, තෙල් ඒව සංවේදී ප‍්‍රශ්න. විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම මේක තේරුම් අරන් තියෙනවා. අපි ඔක්කොම එකතුවෙලා මේක විසඳන්න ඕනි. මේක විසඳගමු. අපිට විශ්වාසයක් තියෙනවා මේක විසඳගන්න පුළුවන් වෙයි කියලා. මේක තමයි ධනාත්මක තත්ත්වය. ධනාත්මක පැත්තෙන් මේක බලන්න ඕනේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේක අමාරු කාලයක්. ඒක අපි දන්නවා. මේක ගැන කතා කරන්න ගියොත් අපිට පුළුවන් පහුගිය අවුරුදු පහට මඩ ගහන්න. ඒ වෙච්ච දේවල් කියන්න. ලෝන් ගත්ත ඒවා ගැන ඔබතුමාලට කියන්න පුළුවන්. ඒවා ගැන කිය කියා අපිට ගහගන්න පුළුවන්. හැබැයි රට අර්බුදකාරී තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment