ජනාධිපතිවරණය වෙන්දේසියක්:  ප්‍රතිඵලය ජනමතය සමග ගැලපීමක් නැහැ – දුමින්ද නාගමුව

193

ජනාධිපති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් පහ කිරීමට කටයුතු කිරීම මීළඟ අරගලය යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා දිවයිනට ඊයේ (20 දා) පැවසීය. වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්නේ ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ බල වුවමනාවන් බවත් පැවසූ නාගමුව මහතා ජනාධිපතිවරණ ප්‍රතිඵල පිටුපස එම රටවල් සිටින බවද කීවේය.

නාගමුව මහතා මෙසේද පැවසීය.

අපිට අනුව නම් පාර්ලිමේන්තුවේ තිබ්බෙ ජනාධිපතිවරණ ඡන්දයක් නෙමෙයි වෙන්දේසියක්. ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ මුදල් බලය හා බැසිල්ගේ සෙල්ලම් එකේ තිබුණා. එළියේ ජනමතය සමඟ ලැබුණු ප්‍රතිඵලය කිසිම ගැලපීමක් නෑ. ඉන්දියාවේ, ඇමරිකාවේ බල වුවමනාවන් වෙනුවෙන් මේ අය පෙනී සිටින ආකාරයත් බැසිල් රාජපක්ෂලාගේ ජරාජීර්ණ දේශපාලනයට සුජාතභාවය දෙන්න මේ අය කටයුතු කරන ආකාරයත් ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි. ඒ නිසා අරගල ඉවර නෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂත් වගකීම හරියට ඉටු කළේ නෑ. අපි පක්ෂවලට යෝජනා කළේ නිර්පාක්ෂික අයකු ජනපති ලෙස තෝරා ගමු කියලයි. එය ඉටු වුණේ නැහැ. රනිල්ට ජනපති වෙන්න පාර කැපීමට එයත් හේතුවක් වුණා.

අනුරාධ හිරිපිටියගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment