ජනාධිපතිවරයා එදා අගමැතිවරයා විදියට වැඩ භාරගත් දවසේ ඉඳලා අනාවැකි කියනවා හැරෙන්න දෙයක් අපි දකින්නේ නැ – මන්ත්‍රී චමින්ද විජේසිරි

86

වර්තමානයේ පිනට පහළ වෙච්ච ජනාධිපතිවරයා එදා අගමැතිවරයා විදියට වැඩ භාරගත් දවසේ ඉඳලා මේ දක්වා අනාවැකි කියනවා හැරෙන්න දෙයක් අපි දකින්නේ නැතැයි බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය. ඊයේ (31දා) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය .ඇත්තටම ඔහු විහිළු සපයන චරිතය රඟ දක්වනවා කියන කාරණය තමයි නුවරදී දැක්කේ. මේ රටේ සමස්ත ජනතාවගේ අරගලය ඔහුට විහිළුවක්. ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට රනිල් වික්‍රමසිංහ මහත්තයට හිනාවෙන්න පුළුවන් තැනට පත් වීම ගැන අපිට කණගාටුයි.අපි දන්නව රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමදාම හිනා වුණ එක තමයි කළේ.රට යන්න හිටපු බැසිල් රාජපක්ෂ දැන් රට යන්නේ නැහැ. රට දාලා ගියපු ගෝඨාභය රාජපක්ෂ එන බව අපට දැන් ඇහෙනවා .බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ප්‍රතිසංවිධාන කටයුතු ඊළඟ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ දේශපාලන කාර්යාලය තුළ සැඟ වෙන්නේ නැතිව ඉටු කරමින් තිබෙනවා.අපි දන්නවා අරගලය අවස්ථාවේ රට දාලා යන්න හිටපු උදවිය අද රට හැර යන්නේ නැතුව මේ රටේ ඉදිරි දේශපාලන බලය ඇල්ලීම සඳහා දේශපාලන කුමන්ත්‍රණයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරනවා .එය තමයි රනිල් රාජපක්ෂගේ එකම දේශපාලන අරමුණ.එහෙම නැතුව රටේ ඉදිරි පැවැත්ම ගැන හිතන එක නෙවෙයි. ඒ නිසා ජනවරමකින් බලයට ආපු නැති රනිල් රාජපක්ෂ හොරු කල්ලියක් එකතු වෙලා. මේ රට විනාශ කරපු රට නන්නත්තාර කරපු රාජපක්ෂ කල්ලියේ 134 එකතුවෙන් තමයි කාලකන්නි විදිහට හිනා වෙලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයට උසුළු විසුළු කරන ජනාධිපති විදියට පත් වෙලා තියෙන්නේ. එය ජනවරමක් නොව හොර වරමකි.ඒ නිසා ඒ හොරුන්ට ඕන විදිහට හොරුන් ගේ ආරක්ෂාව වෙනුවෙන් හොරුන්ගේ අනාගතය වෙනුවෙන් රට විනාශ කරපු රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටින රනිල් රාජපක්ෂව එලවන්න පුළුවන් වන්නේ මේ රටේ ජනතාව බුද්ධිමත් එකතු වුණොත පමණයි.

 මේ රටේ පුරවැසියන් කූඩුවේ දානවා බලන්න ආස රාජපක්ෂවරුන්ගේ වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳට කරනවා.

 ඔහු කරන්නේ මේ රටේ ජනතාවට කන්න බොන්න දෙන එක නෙවෙයි. ඩීසල් භූමිතෙල් පෙට්රල් ඉන්ධන ප්‍රශ්නය විසඳන එක පැත්තක තියලා මරදනය කරනවා. කොඩිය අල්ලපු මිනිහා මන්දිරය අල්ලපු මිනිහා අල්ලලා දැන් මාධ්‍ය ඉස්සරහට ඇවිත් වීරයෙක් වෙන්න හදනවා.

 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා මාලිගාව ඇතුළු මන්ත්‍රීවරුන් ගෙවල් ගිනි තිබ්බා. ඒ සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන කටයුතු කරන්න ඕන කියලා. ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයක් නැහැ .හැබැයි අපි දකින්නේ නෑ ඔය මන්ත්‍රීවරුන් ගේ ගෙවල් ගිනිගත්ත කියලා ඔවුන් මහ පාරේ හිඟා කනවා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනවා මේ රටේ ජනතාව මෝඩයෝ කියලා. අපි අහනවා මේ පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දැන් කොහේද ඉන්නේ කියලා හොයලා බලන්න කියලා. මන්ත්‍රීවරුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මන්ත්‍රීවරුන්ගේ පැවැත්ම වෙනුවෙන් ඒ මන්ත්‍රීවරුන්ගේ නැති වෙච්ච දේවල් ඇති කිරීම වෙනුවෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා තමයි රනිල් වික්‍රමසිංහ මහතා.

advertistmentadvertistment
advertistmentadvertistment