ජනාධිපතිවරයා සහල් ආනයනයට ඉඩ දී ගොවියා අනාථ කර විහිළු සපයන පුද්ගලයෙක් බවට පත්වෙලා

151

අකිත පෙරේරා

රටට ධාන්‍ය ඇටයක් පිටරටින්  ගේන්නේ නැතැයි ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා සහල් ආනයනයට ඉඩ දී ගොවියා අනාථ කර විහිළු සපයන පුද්ගලයෙක් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගය රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
 
 විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (22* පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
 

ජනාධිපතිවරයා සහල් ආනයනයට ඉඩ දී ගොවියා අනාථ කර විහිළු සපයන පුද්ගලයෙක් බවට පත්වෙලා

අද සුවිශේෂී දිනයක්. එය පාර්ලිමේන්තුවේ වර්තමාන ඛනිජ තේල් අමාත්‍ය උදය ගම්මන්පිල මහත්තයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එනවා. කොරෝනා විශාල වශයෙන් පැතිරිලා තියෙනවා. එසේ සිදුව නැතැයි රටේ ජනතාවට පෙන්වන්න ආණ්ඩුව විවිධ උපක‍්‍රම යොදනවා. අපි දැක්කා ජනාධිපතිතුමා මාධ්‍යයේ රෝගීන්ගේ දත්ත පිළිබ`දව කියනවා. එහිදී වැරදි තොරතුරු ලබා දී තිබෙනවා කියලා වෛද්‍ය සුදත් සමරවීරට තනතුර දාලා යන්න වුණා. අද ඉතිහාසයේ කවදාවත් නැති ආකාරයට නිලධාරීන්ට තමන්ගේ රාජකාරිය කරගෙන යන්න බැරි වෙලා. එය දේශපාලනඥයන්ට අවශ්‍ය තීන්දු තීරණවලට යටත් වී සේවය කිරීමේ වටපිටාවක් නිසා එදා මහින්ද රාජපක්ෂ මහතාගේ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් තිබුණට වඩා දැවැන්ත විදියට මේ රජයේ වෙනවා. ඇතුළේ එක එක කණ්ඩායම් ගහමරා ගැනීම නිසා රටේ ජනතාව පීඩාවට පත්වෙලා.
 
 රටේ මේ වන විට ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. එය යටපත් කර ආණ්ඩුව වෙන වෙන දේවල් ගේනවා. ආණ්ඩුව දැන් අප‍්‍රසාදයට පත්වෙලා. අද ගොවීන්ට පොහොර ටික නැතිවෙලා. එහිදී විශාල ගැටලූවක් ඇතිවෙලා. එම කාරණා වහගන්න වෙන දේවල් කරන්න උත්සාහ කරන බව ඉස්මතු වෙලා. එම නිසා සමගි ජන බලවේගය විදියට විවිධ ප‍්‍රදේශවල විවිධ උද්ඝෝෂණ කළා එය සංචරණ සීමා නීති පිලිපදිමින්. එහිදී ජනතාව කර විරෝධතා ආණ්ඩුව තුට්ටුවකට ගනන් ගත්තේ නැහැ. ආණ්ඩුව ගොවියා කනත්තට දක්කමින් තිබෙනවා. අපි මේ පිළිබ`දව දීර්ඝ සාකච්ඡුාවක් කර අපේ පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඊයේ පැවති කණ්ඩායම් රැුස්වීමේ දී තීන්දුවක් ගත්තා. එය රටපුරා සිටින ගොවිජනතාවගේ
 
 ගැටලූවලට සවන් දීලා එම ගොවියන් තනි කරන්නේ නැතුව.
 
 ඒ වෙනුවට වැඩසටහනක් හදන්න උපදෙස් ලබා දුන්නා. එයට පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හය දෙනෙකුට භාර දුන්නා එහිදී දිවයින පුරාම ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා භාර දුන්නා. එයට එතුමාට ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. අපි මේ අවස්ථාවේ රටේම ජනතාවට මේ ගොවියාගේ ගැටලූ වෙනුවෙන් හෙට දිනයේ සිට ගොවි ජනතාවට අත්වෙලා තිබෙන ගැටලූ වෙනුවෙන් සාදනීය මැදිහත් වීමක් වෙනවා. එම ගොවි හ`ඩ මේ රටේ පාලකයන්ගේ ඇස් ඇරෙන තැනට
 
 ගේන්න අපි කටයුතු කරනවා. එහිදී අපි උද්ඝෝෂණ මාලාවක් පවත්වනවා. ඉතිහාසයේ ගොවියා රජ කරපු මේ රටේ සංස්කෘතිකයක් තිබුණා. එය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට අමතක වෙලා. අපි අහනවා රාජපක්ෂලා කරට දාගෙන ඉන්න සාටකේ මොකද්ද කියලා. මුළු රටටම කියන ඒ කුරහන් සාටකය කියලා ගොවීන් කනත්තට ඇද දාලා. අද ගොවීන් ගැන වචනයක් කතා කරන්නේ නැහැ. සෞභාග්‍යයේ දැක්මේ ගොවි ජනතාවට සලකන විදිය පේනවා.
 
 මෙහිදී අදහස් දැක්වූ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා –
 
 ජනාධිපති අගමැති ඇමැතිවරු තෙල්මිල අඩු කරන්න උත්සාහ ගත් බව දැනගන්න ලැබුණා. පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩිවලින් විශ්වාසභංගය පරාජය වුණත් සත්‍ය කාරණය ගැන සමාජය තුළත් ආණ්ඩුව තුළත් දකිනවා විපක්ෂය විදියට අපි ආණ්ඩුවට මගපෙන්වීමක් කරනවා. අපි අද ආණ්ඩුවට මතක් කරනවා ඔබ එදා ආවේ පාපැදියෙන්. අද අපි එහි අඩුපාඩු පෙන්වා දෙමින් සමගි ජන බලවේගය අද සාර්ථක රැුලියක් පවත්වන්නට කටයුතු කළා. එය විවිධ වර්ගයේ විවිධ ක්ෂේත‍්‍රවලට බලපාන රථ ගෙන්වා දී තෙල්මිලෙහි තිබෙන බරපතළ ගැටලූව පෙන්වා දුන්නා.

advertistmentadvertistment
advertistmentadvertistment