‘ජනාධිපති අභියෝග කුසලාන’ රග්බි අවසන් පූර්ව වටය අද ඇරැඹේ

154

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති ‘ජනාධිපති අභියෝග කුසලාන’ වයස අවුරුදු 19 න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන පූර්ව තරග වටය අද (02) සහ ඉරිදා (04) කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මෙවර පළමු අවසන් පූර්ව සටන ලෙස කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර තරගය අද (02) ප:ව: 04.15 ට ආරම්භ කෙරෙන අතර දෙවන තරගය ලෙස ඉරිදා (04) ප:ව: 04.15 ට මරදාන ශාන්ත ජෝසප් විදුහලට එරෙහිව බොරැල්ල වෙස්ලි විදුහල තරග බිමට අවතීර්ණ වීමට සුදුසුකම් ලබා සිටිති.

කොළඹ ඉසිපතන, කොළඹ වෙස්ලි, කොළඹ මරදානේ ශාන්ත ජෝශප්, කොළඹ ගල්කිස්සේ ශාන්ත තෝමස්, කොළඹ ගල්කිස්සේ විද්‍යා, මහනුවර විද්‍යාර්ථ, මහනුවර ධර්මරාජ, මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි යන පාසල් 08 ක සහභාගිත්වයෙන් යුතුව මෙවර ජනාධිපති අභියෝග කුසලාන ප්‍රමුඛ පෙළ පිළිමළුන් පිටු දැකීමේ තරගාවලිය ආරම්භ කෙරිණි.

අර්ධ අවසන් පූර්ව වටයේදී ඉසිපතන විදුහල හමුවේ ධර්මරාජ විදුහල ද ශාන්ත තෝමස් විදුහල හමුවේ විද්‍යාර්ථ විදුහල ද වෙස්ලි විදුහල හමුවේ විද්‍යා විදුහල ද ශාන්ත ජෝශප් විදුහල හමුවේ ශාන්ත අන්තෝනි විදුහල ද පරාජය ලැබීය.

ජනාධිපති කුසලානයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ‘ප්‍රිමියර් කුසලාන’ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ ඩී. එස්. සේනානායක විදුහලට එරෙහිව කුරුණෑගල මලියදේව විදුහල අද (02) ප:ව: 02.00 ට පිටියට අවතීර්ණ වන අතර ඉරිදා (04) ප:ව: 02.00 ට මරදාන සහිරා විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල දෙවන අවසන් පූර්ව තරගයට එක් වීමට වරම් ලබා සිටී.

මෙවර ‘සභාපති කුසලාන’ පළමු අවසන් පූර්ව තරගය පිළියන්දල මධ්‍ය මහා විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර අද පෙ:ව: 10.00 ට ද දෙවන අවසන් පූර්ව තරගය ඉරිදා පෙ:ව: 10.00 ට

නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර ද ක්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment