ජනාධිපති උපදේශක ආශු මාරසිංහ ඉල්ලා අස්වෙයි

269

මම අස්වුණේ පුද්ගලික හේතුමත

ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

පෞද්ගලික කරුණු කිහිපයක් හේතුවෙන් තමන් එම තනතුරෙන් ඉවත්වූ බවත් එසේ නොමැතිව දේශපාලන හේතූන් මත ධුරයෙන් ඉල්ලා අස්නොවුණු බවත් හෙතෙම “දිවයින”ට පැවසීය.

ඒ මහතා මින් පෙර එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment