ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානය 28 දා

1

ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය සංවිධාන කරන “ජනාධිපති පරිසර සම්මාන – 2024” සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 28 වැනිදා පෙරවරු 10 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

මෙම අවස්ථාවට පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර, වෙළෙඳ හා පරිසර රාජ්‍ය ඇමැති එස්. වියාලේන්ද්‍රන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන්, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, පකිස්ථානය, බංගලාදේශය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඉරානය ආදී රටවල තානාපතිවරුන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන්, සම්මානලාභීන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

මෙවර ජනාධිපති පරිසර සම්මාන උළෙල සඳහා අයදුම්පත් 901ක් ලැබී තිබුණු අතර ඒ අතුරින් රන්, රිදී, ලෝකඩ සහ කුසලතා ආදී වූ ජනාධිපති සම්මාන 124ක් පිරිනැමීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment