ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් හදිසි නීතිය යටතේ රට පාලනය කරනවා  – අනුර කුමාර දිසානායක

93

පාර්ලිමේන්තු විවාදය –
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තූ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජා.ජ.බ) –

අපේ රට මේ මොහොතේ තිබෙන්නේ දරුණු ආර්ථික සමාජමය අර්බුදයකයි. මේ අර්බුදයේ පදනම වෙන්නේ අපේ රටේ මේ දේශපාලන සංස්කෘතියයි. මේ අර්බුදයෙන් ගොඩ එන්න අපි මේ විනාශකාරී, නාස්තිකාර දූෂණ, තමන්ගේ බලය පමණක් ප්‍රධාන කරගත් දේශපාලනයෙන් බෑ. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි අපිම කටයුතු කළ යුතුයි. නැතුව වෙනත් රටවල්වලින් හෝ වෙනත් සංවිධානවලින් අපේ රට ගොඩදාන්න එන්නේ නෑ. ඒ වගේම යම් රටක් කඩාවට්ටන්න ක්‍රියා කරපු අයට කවදාවත් ඒ රටවල් ගොඩ නඟන්න බැරිවෙලා තිබෙනවා. ඒ සඳහා පොදුජන උද්දීපනයක් සහ පොදුජන සහභාගීත්වයක් අවශ්‍යයි. රටක් පමණක් නොව ආයතනයක් වුවත් කඩාවැටෙනවා නම් ඒ ආයතනයේ සභාපතිවරයා නැවත ඒ ආයතනය නඟාසිටුවාවි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මේ රට යළි නඟා සිටුවන්න නම් නව ජනවරමක් අවශ්‍යයි. පසුගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනවරම ඉකුත් වෙලා තිබෙනවා. ඒ ජනවරමට ප්‍රතිපක්ෂ ප්‍රතිඵලයක් ලබපු රනිල් වික්‍රමසිංහ දැන් ජනාධිපති වෙලා තිබෙනවා. මේක විකෘතියක්.

පසුගිය ජනවරම ඇතුලේ තිබුණේ මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ ජනවරමක්. ඒ ජනවරම දැන් අවසන්. ජනතාවගේ එවැනි අරමුණක් දැන් නෑ. අපි කියන්නේ දැන් නව ජනවරමකට යා යුතුයි කියලා. ඉතා ඉක්මනින් නව ජනවරමකට යන්න බෑ. එහෙනම් ඊට පෙර සර්ව පාක්ෂික වැඩ පිළිවෙළකට යා යුතුයි. ඒ සඳහා සෑම දේශපාලන පක්ෂයකටම සාධාරණත්වයක් විය යුතුයි. සමානත්වයක් තිබිය යුතුයි. අනෙක එම ආණ්ඩුව කෙටි කාලයකට විය යුතුයි. ඒ වගේම අනාගත දේශපාලන බල අරගලයකින් තොර ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ඒ සඳහා පත්විය යුතුයි. සර්ව පාක්ෂික වැඩ පිළිවෙළකට සාධනීය පියවර අවශ්‍යයි. එහෙම වුණොත් සාධනීය වැඩ පිළිවෙළකට අපි සූදානම්. නමුත් දැන් මේ රට පාලනය වෙන්නේ හදිසි නීතිය යටතේ. නමුත් ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මෙතැනට ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ඔහු දැන් ජනපති පුටුවේ ඉඳගත් අය, කොඩිය තියා ගත් අය, ජනාධිපති මන්දිරයට මුලින් ඇතුළු වූ අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තමන්ට තනතුර දීපු අයව සතුටු කරන්නයි. ඒ සඳහා ඔහු අරගලකරුවන් රිද්දවන්න කටයුතු කරමින් සිටිනවා. ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මට පෙර කතාවක් කළා. මම ඒකට කියන්නේ… දෙමළ කතාවක් තිබෙනවා, යක්කු පිරිත් කියනවා කියලා. ඒ කතාව තමයි මටත් කියන්න තිබෙන්නේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment