ජනාධිපති පොහොට්ටු  ආණ්ඩුවේ රූකඩයක්  – කපුටු ආණ්ඩුවට පක්ෂපාතී අයට ඇමැතිකම්

151

සජබ පුත්තලම ආසන බල මණ්ඩල රැස්වීමේදී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
 

 ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ මුදල් ඇමැති, ජනපති සහ අගමැති ඉවත්ව ගියත් මේවන විට ඔවුන්ගේ රූකඩයක් ජනාධිපති කර පොහොට්ටු ආණ්ඩුව විසින් විවිධ තීන්දු තීරණ ගනිමින් රට විනාශ කරමින් සිටින බවත් ජනතාව දුක්විඳින අවස්ථාවේත් කපුටු ආණ්ඩුව විසින් තමන්ට පක්ෂපාතී අයට ඇමැතිකම් ලබා දෙමින් ඔවුන්ට විශාල වරප්‍රසාද ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 සමගි ජන බලවේගයේ පුත්තලම ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. සමගි ජන බලවේගයේ පුත්තලම ආසන බලමණ්ඩල

 රැස්වීම 11දා පැවැත්විණි. එය සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පුත්තලම ආසන සංවිධායක හෙක්ටර් අප්පුහාමි මහතා විසිනි. විශාල පාක්ෂිකයින් පිරිසක් ඊට එක්ව සිටියහ. එහිදී තවදුරටත් කථා කරන්නටවූ ප්‍රේමදාස මහතා මෙසේද කීය.

 මේ වන විට කැබිනට් ඇමැතිවරු 20ක්, රාජ්‍ය ඇමැතිවරු 37ක් සහ තවත් ඇමැතිවරු 12ක් ඇතුළු 69ක් පත් කර ගැනීමට නියමිත බවත් ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතාට මනාප 134ක් ලබා දුන් අයට කෘතගුණ දක්වන බවත් පැවසීය.

 70-77 කාලේ සීනි නැතිව තේ බිව්වා වගේ මිරිස් නැතිව කෑම කෑවා වගේ මැතිණි කියන ඕන දෙයක් කරන මිනිස්සු හිටිය වගේ පොහොට්ටු ආණ්ඩුව විසින් පොහොර නැතිව වගා කරන්න පුළුවන් බවත් හාල් නැතිව බත් කන්න පුළුවන් බවත් ලයිට් නැතිව මිනිස්සු ඉවසන් ඉඳීවි කියා මේ ආණ්ඩුව හිතන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 විදුලි බිල සියයට 75කින් වැඩි කර ඉන්ධන සහ ගෑස් මිල දරාගත නොහැකි රටක් බිහි කළේ චැම්පියන් කෙනෙක් බවත් ඊට පෙර හොඳට තිබුණ රටට චැම්පියන් කෙනෙක් විරයෙක් සූරයෙක් ඕන බවට මිනිස්සු හිතුවත් ඒ වීරයා සූරයා ආව ගමන් ජාතිවාදය ආගම්වාදය ඇවිස්සූ බවත් පැවසීය.

 ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා මරණ ආදාහනය භූමදානය ගැන නිවැරදි තීන්දුව කියද්දී මේ සූරයා තමන්ගේ මතේට අනුව වැඩ කළ බවත් ඒ නිසා මිනිස්සු සාප කළ බවත් පැවසීය. නාගරාජ කෝලං බොරු කියා රටේ අසහනයක් නිර්මාණය නොවන බවට අඬබෙර ගැසූ බවත් ඒ සාපේ රටටම වැදුන බවත් අවසානයේ ජනාධිපතිවරයාට රටින් පවා යෑමට සිදු වූ බවත් පැවසීය. එබැවින් පොඩි මිනිහා තලා පෙලා මේ කරන විගඩම්වලට කිසිදු ඉඩක් ලබා දිය නොහැකි බවත් ඉදිරියේ දී පොදු ජනතාවගේ ආණ්ඩුවක් බිහි කිරීමට  පෙළගැසෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment