ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

131

ජනාධිපති මන්දිරයට පසුගිය ජූලි 09 වැනිදා අරගලකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී එහි තිබූ දේපළවලට අලාභ හානි සිදු කිරීමට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් අරඹා තිබේ.

ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි
ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අරගලකරුවන් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ සී. සී. ටී. වී. දර්ශන මගින් හඳුනාගත් මෙතෙක් අනන්‍යතාවය අනාවරණය කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් පිරිසකගේ ඡායාරූප මාධ්‍ය වෙත යොමු කර ඇත.

මීට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

පුවත්පතේ පළ වී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718591559, 0718085585, 0112391358 හෝ 1997 යන දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment