ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව විදුලි කප්පාදුවෙන්  නිදහස්

260

පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කළ ඊයේ (30) දිනයේදී විදුලිය කප්පාදු නොකොට නිදහස් කරන ස්ථාන අතරට ජනාධිපති මන්දිරය, සහ පාර්ලිමේන්තුව ඇතුළත් වී තිබේ.

වෙළෙඳ කලාප, බලාගාර ආශි‍්‍රත ප‍්‍රදේශ, කර්මාන්ත පුර, ඇතුළු දිවයිනේ විදුලිය විසන්ධි නොවන ප‍්‍රදේශ 191ක් ඒ අතර වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විදුලි කප්පාදුවෙන් නිදහස් කරන ප‍්‍රදේශ ලැයිස්තුවේ දක්වා ඇත.

මේ අතර ඊයේ සිට විදුලි බිල්පත් නොගෙවන ජනතාවගේ නිවෙස්වල විදුලි විසන්ධි කිරීම ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි කප්පාදුව නොකරන ස්ථාන පිළිබඳ ලැයිස්තුව ඔවුන්ගේ වෙබ් අඩවිය මගින් ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

අකිත පෙරේරා

 

advertistmentadvertistment
advertistmentadvertistment