ජනාධිපති ලේකම් කාර්යාලයේ අවුරුදු උළෙලේ සංගීත ප්‍රසංගය ෂැන්ග්‍රිලා හරිත කලාපයේදී

209

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක සංවිධායකත්වයෙන් ගාලු මුවදොර පිටියේදී ලබන සෙනසුරාදා (22 දා) පැවැත්වෙන වසත් සිරිය 2023 අවුරුදු උත්සවයේ සංගීත සංදර්ශනය ගාලුමුවදොර පිටියේ නොව ඊට ඉදිරිපසින් පවතින හරිත භූමියේදී පැවැත්වේ.

අවුරුදු උත්සවය 22 වැනිදා පෙරවරු 7.00 සිට සවස 5.00 දක්වා පැවැත්වෙන අතර මියැසි සංගීත ප්‍රසංගය රාත්‍රි 7.00 ට ෂැන්ග්‍රීලා හරිත කලාපයේදී පැවැත්වේ.

අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරි, කුමරා, මැරතන් තරගය, ස්ටෑන්ඩඩ් පාපැදි තරගය, කොට්ට පොර සහ කඹ ඇදීමේ තරග සඳහා අයැදුම්පත් කැඳවේ.

සම්පූර්ණ කරන ලද අයදුම්පත්[email protected] විද්‍යුත් ලිපිනය වෙත අප්‍රේල් 20 පස්වරු 3.00 ට පෙර එවිය යුතුය. මෙම තරග සඳහා සහභාගිවී ජයගන්නා ජයග්‍රාහකයන් සඳහා වටිනා රන් ආභරණ සහ මුදල් ත්‍යාග පිරිනැමේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment