ජනාධිපති ලේකම් ධුරයට යන්න පළමුව කිව්වේ අගමැතියි – ගාමිණී සෙනරත්

305

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ලේකම් ලෙස කටයුතු කරන ලෙසට තමාට පළමුව දැනුම් දුන්නේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බව ගාමිණී සෙනරත් මහතා ‘දිවයින’ට ඊයේ (02 දා) පැවසීය.

ඒ අනුව තමා මෙම මස 31 වැනිදා ජනාධිපති ලේකම් ලෙස වැඩ භාරගන්නා බවත් එතෙක් අග‍්‍රාමාත්‍ය ලේකම් ධුරයෙහි වැඩ කටයුතු කරන බවත් හෙතෙම කීවේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මේ මස 31 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වේ.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment