ජන ජීවිතයට බාධාවක් නොවන ලෙස විදුලි අර්බුදයට විසඳුම් සොයන්න – විදුලිබල ප‍්‍රධානීන්ට ජනපතිගෙන් උපදෙස්

112

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (10දා) විදුලිබල හා බලශක්ති ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධානීන්ට උපදෙස් දී ඇත.

 විදුලි කප්පාදුවක් පිළිබ`දව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡුාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

 ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයට පැනනැගී ඇති ගැටලූ කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව නිලධාරීහු මෙහිදී පෙන්වා දී ඇත.

 ශ‍්‍රී ලංකාව සතු ගල්අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩනොදී කළමනාකරණය කරගැනීමට ප‍්‍රමාණවත් වේ. ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බවද නිලධාරීහු පවසති. පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් ජන ජීවිතය පවත්වා ගෙන යාමට සියලූ පියවර ගෙන ඇතැයිද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරුන් ස`දහන් කර තිබේ.

 අමාත්‍ය ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු විදුලිබල, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment