ජන ජීවිතයට බාධා නොවන ලෙස විදුලි අර්බුදයට විසඳුම් දෙන්න-ජනපති

146

ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට අද (10) උපදෙස් දී ඇත.

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකු සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී තිබේ.

ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව එහිදී නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව සතු ගල් අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් බවත් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බවත් එම නිලධාරීන් වැඩිදුරටත් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment