ජන දිවිය දෙදරයි පාන් ගෙඩිය රු.110ක් වෙයි

486

ඩොලරයේ අගය ඉහළ යෑම හා ඛනිජ තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඊයේ (11 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉතා අධික ලෙස ඉහළ නැග තිබේ.

මේ හේතුව නිසා පාරිභෝගික ජනතාව තව තවත් පීඩාවකට මෙන්ම අන්ත අසරණභාවයට පත්ව සිටිති.

එම භාණ්ඩ හා සේවාවල මිල ගණන් තවතවත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මෙරටට තිරි`ගුපිටි (පාන්පිටි) ආනයනය කරනු ලබන සෙරන්ඩිබ් සමාගම පාන් පිටි කිලෝවක මිල රුපියල් 35කින්ද, ප‍්‍රීමා සමාගම පාන්පිටි කිලෝවක මිල රුපියල් 40කින්ද ඊයේ (11 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ දමා තිබේ.

පාන්පිටි කිලෝවක් රුපියල් 121ක්ව පැවැති අතර මෙම මිල වැඩි කිරීමත් සම`ග පාන් පිටි කිලෝවක සිල්ලර මිල රුපියල් 156ක් දක්වා ඉහළ නැග තිබේ.

තිරි`ගුපිටි කිලෝග‍්‍රෑමයක මිල ඉහළ නංවා අලෙවි කරන ලෙසට තමන්ට පාන්පිටි සමාගම් දැනුම් දුන් බව වෙළෙඳන්දෝ ‘‘දිවයින’’ට පැවසූහ.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය අවප‍්‍රමාණය වීමත් සමග අදාළ සමාගම් තිරි`ගු පිටි මිල ඉහළ දැමීමට පියවරගෙන තිබේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන හල්වල ඉන්ධන මිල ගණන් අයි. ඕ. සී. ඉන්ධන හල්වල ඉන්ධන මිලට සාපේක්‍ෂව වැඩි කළහොත් අවම පෞද්ගලික බස් ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘‘දිවයින’’ට ඊයේ (11දා) පැවැසීය.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා ද සඳහන් කළේ සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කළහොත් අවම බස් ගාස්තුව රුපියල් 30ත් 35ත් අතර මිලකින් ඉහළ දමන බවයි.

එබැවින් වහාම රජය පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කළයුතු බවද හෙතෙම කීය.

සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කළහොත් අනිවාර්යයෙන්ම ත‍්‍රීරෝද රථ ගාස්තුව ඉහළ නංවන බව ලංකා ස්වයං රැුකියා වෘත්තිකයන්ගේ ජාතික ත‍්‍රීරෝද රථ සම්මේලනයේ සභාපති මහින්ද කුමාර මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 90ක්ද, දෙවැනි කිලෝමීටරය සඳහා රුපියල් 50ක්ද වශයෙන් මගියාගෙන් අය කිරීමට සිදුවන බවද හෙතෙම කීය.

එසේම බත් පැකට්ටුවක මිල රුපියල් 20කින්ද, කොත්තුවක මිල රුපියල් 10කින්ද, කෙටි ආහාර රුපියල් 5කින්ද ඊයේ (11 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

මෙහිදී තවදුරටත් කතාකළ අසේල සම්පත් මහතා මෙසේද කියා සිටියේය.

දැන් මේ යන විදිහට සමස්ත ආහාරපාන කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටෙන තැනට ඇවිත්. කරන්න දෙයක් නැති කමටයි මේ කොත්තුවක මිල, කෙටි ආහාර, බත් පැකට්ටුවේ මිල ඉහළ දැමුවේ. ඉන්ධන ගෑස්, පාන් පිටි මිල ඉහළ දමන කොට මේ තත්ත්වය උදාවෙනවා.

මේ මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් ආහාර මිලදී ගැනීමේ ප‍්‍රමාණය සියයට හැටකින් අඩුවෙනවා. මේ තත්ත්වය තුළ ආහාරපාන කර්මාන්තයෙන් ජීවත්වුන ලක්‍ෂ 5ක පිරිසක් අනාථයි.

මේ අතර පාන්පිටි මිල රුපියල් 156 දක්වා ඉහළ යෑම හේතුවෙන් ග‍්‍රෑම් 450 බරකින් යුත් පාන් රාත්තලක මිල රුපියල් 30කින් සහ බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කට වැඩි මිලකින් ඊයේ (11 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

පාන් නිෂ්පාදනයට යොදා ගන්නා ප‍්‍රධාන අමුද්‍රව්‍යයක් වන තිරි`ගුපිටි, සීනි, මාගරින්, සහ බිත්තර මිල ගණන් අධික ලෙස ඉහළයෑම හේතුවෙන් මෙලෙස පාන් පිටි මිල ඉහළ දැමූ බවද හෙතෙම කීය.

මෙලෙස මිල ඉහළ දැමීමත් සම`ග පාන් ගෙඩියක මිල රුපියල් 110ක් වන බවද ඒ මහතා කියා සිටියේය.

මේ අතර ඉහළ යන ඩොලරයට සාපේක්‍ෂව සීනි, පරිප්පු, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ශීඝ‍්‍රයෙන් ඉහළ නැග ඇතැයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ වන විට වෙළෙඳපොළේ සීනි කිලෝග‍්‍රෑමයක් රුපියල් 10ත් 15ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති අතර එය තවදුරටත් මිල ඉහළ යා හැකි බවද එම සංගමය කියයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ
ශිරාන් රණසිංහ, නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment