ජන දුක නිවන්න හරීන් හර්ෂ දැඩි ස්ථාවරයක

1884

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්කාලීන රජයට සම්බන්ධවීමට ආරාධනා කළහොත් රට වෙනුවෙන් කරන යහපත් ක්‍රියාදාමයකදී කකුළෙන් නොඇද ඊට සහය ලබාදිය යුතු යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ‘ ඉරිදා දිවයින සංග්‍රහය’ට පැවසීය.

ගාලුමුවදොර (ගෝඨාගෝගම) අරගලයට පාදක වූ තරුණ අභිලාෂයන් හා මුඛ්‍ය අරමුණු පාවා නොදෙමින් වගකීම් සහගතව රට ගැන සිතා ක්‍රියාකළ යුතු බවත් පැවසූ ඒ මහතා මේ රටේ කිසිවකු එහිලා ගන්නා නිවැරදි තීරණවලට මුදලට ගන්නා උදවිය ලෙස හංවඩු ගැසීම ඉතාම කනගාටුදායක බවත් කීවේය.

මේ රටේ තිබූ යුද්ධය පවා නිමකළ හිටපු ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාට එල්ලවී ඇති බරපතළ ජනතා කෝපයද දන්නා කෙනකු කිසිවිටෙකත් මුදලට තමන්ගේ ජීවිතය අවදානමකට ලක්කර නොගන්නා බව ද ඔහු පැවසීය.

මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 19 බලාත්මක කිරීම වගේම ජනතාවට කුසගිනි නිවාගෙන ගෑස්, ඉන්ධන, ආහාර පෝලිම් නැති රටක් හැදීමට ප්‍රමාද කිරීම කඳුළු සලන ජනතාවට කරන ද්‍රෝහිකමක් ලෙස තමා දකින බව ද ඔහු සඳහන් කළේය.

ජන දුක නිවන්න හරීන් හර්ෂ දැඩි ස්ථාවරයක

මේ අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාද පක්ෂයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ පළමුව දේශපාලන තීන්දුවකට වඩා රට ගැන සිතා නිවැරදි තීන්දුවලට එළඹිය යුතු බවත්ය. එය ප්‍රමාද කිරීම තවත් අර්බුද රැසකට රට පත් කිරීමක් බව ද ඔහු පවසා ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment