ජන දුක වැඩිකළ රජයේ ප‍්‍රතිපත්ති අවුල

227

* ජනතා අසහනය

 කොරෝනා වසංගතයේ බලපෑම් නිසා අපේ ආර්ථික ප‍්‍රශ්න උග‍්‍ර වී ඇති අතරම රජයේ ප‍්‍රතිපත්තිමය ගැටලූ හමුවේ ද මේ වන විට තිබෙන ප‍්‍රශ්න තවත් බොහෝ වැඩි වී ඇත. මේ නිසාම ඉමහත් පීඩාවට පත්ව සිටින මහජනයා තුළ විශාල අසහනයක් ද නිර්මාණය වී ඇත. තමන්ට මුහුණ දීමට සිදුව ඇති පීඩා හමුවේ ඔවුන් සිටින්නේ කෝපයෙනි. මාධ්‍යවේදීන් නොයෙකුත් විමසුම් කරන විට තම අසහනය ප‍්‍රකාශ කරමින් සහ කෝපය පිටකරමින් මහජනයා දෙන පිළිතුරු අපට දිනපතාම පාහේ රූපවාහිනී නාලිකාවලින් ද අසන්නට, දකින්නට ලැබේ. කොරෝනා වසංගතයේ පීඩාවන්ට අමතරව මෙසේ ජනයා බොහෝ පීඩාවට පත්වීමට රජයේ ඇතැම් අ¥රදර්ශී තීරණ මෙන්ම නිසි පරිදි තීන්දු තීරණ නොගැනීම ද හේතු වූ බව පෙනේ. පොහොර ගැටලූව මෙයට හොඳම උදාහරණයකි. රජයේ සෞභාග්‍ය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබුණේ වසර දහයක් තුළ මුළුමනින්ම කාබනික කෘෂිකර්මයට යන බවයි. එහෙත් කාගේ හෝ වැරදි උපදෙසක් නිසා එය එක රැුයකින් ක‍්‍රියාත්මක කරන ක්ෂණික වැඩපිළිවෙළක් බවට වෙනස් විය. ඇතැම් විට පොහොර ආනයනය මුළුමනින්ම නතර කිරීමෙන් විදේශ විනිමය ඉතුරු කරගත හැකි බවට රජයට ලැබුණු උපදෙසක් නිසා මේ තීරණය ගත් බව ද පැවසේ. එහෙත් මේ අදූරදර්ශී තීරණය නිසා මුළු රටේම ගොවි ජනයා සහ රට මුහුණ දී ඇති ප‍්‍රශ්න රැුසකි. එසේම මේ දිනවල මහජනයාට මුහුණ දීමට සිදුව ඇති බොහෝ ප‍්‍රශ්නවලට වඩාත් උග‍්‍ර වී ඇති ඩොලර් ප‍්‍රශ්නය බැඳී තිබේ.

 * ආහාර හිඟය

ජන දුක වැඩිකළ රජයේ ප‍්‍රතිපත්ති අවුල

ලබන වසරේ ආහාර හිඟයක් ඇතිවෙන බව කී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත් කේ. ජයසිංහ ගෙදර යවා ඇත. ලබන වසරේ (2022) කෙසේ වෙතත් අපට වෙළෙඳපොළ තුළ මේ දිනවල පවා අත්දකින්නට ඇත්තේ දැනටමත් ආහාර පමණක් නොව පොදුවේ ඇතැම් භාණ්ඩවල හිඟයන් පවතින බවයි. මුදල් තිබුණත් ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමට නැත. පොහොර ප‍්‍රශ්නය හමුවේ අප විශ්වාස කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් උදිත් කේ. ජයසිංහ මහතා සත්‍ය ප‍්‍රකාශ කළ බවයි. ඔහු පවසන පරිදිම ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බවට බොහෝ සාක්ෂි තිබේ. මේ ගැන තවත් විද්වතුන් පවා මත පළ කර ඇත. ඒවාට කෝප වී එම නිලධාරීන් ගෙදර යවා ඵලක් නැත. ආහාර හිඟයක් ඇති වෙනවා නම් කෘෂිකර්ම අමාත්‍යාංශයට අලූත් ලේකම්වරයෙක් පත් කරගැනීමෙන් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැත. කළ යුත්තේ එවැනි දෙයක් සිදු නොවන තැනට වහාම රජය විසින් ක‍්‍රියාමාර්ග ගැනීමයි. මේ නිසා අපට නම් හැෙඟන්නේ මහාචාර්ය උදිත් ඔහුට වැටහුණු සත්‍ය ප‍්‍රකාශ කළ බවයි. එහෙත් එය ඔහු කීවේ හුදු විද්වතෙක් ලෙස පමණක් නොව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසය. එසේ නම් ඔහු කී ඒ ආහාර හිඟය සඳහා ඔහුගේ ද වගකීමක් ඇති බව අපගේ අදහසයි.

 කාබනික කෘෂිකර්මය

 අප නම් සිතන්නේ රටක් කාබනික කෘෂිකර්මයට ගමන් කිරීම ගැසට් ගසා එක රැුයෙන් කිරීමට හැකි දෙයක් නොවන බවයි. එය තේරුම් ගැනීමට මහ ලොකු ආර්ථික විශේෂඥයෙකු හෝ කෘෂිකර්ම විශේෂඥයෙකු වීමට අවශ්‍ය නැත. එය සාමාන්‍ය බුද්ධියක් තිබෙන අයෙකුට පවා තේරෙන දෙයකි. ක‍්‍රමානුකූලව කාබනික කෘෂිකර්මය දිසාවට ගමන් කිරීම වෙනම දෙයකි. එසේ කළා නම් අද ගොවියා මෙතරම් අසරණභාවයට පත් වන්නේ නැත. ආහාර හිඟයක් පිළිබඳ අවදානමක් ද ඇති නොවනු ඇත. එහෙත් රජය කළේ ගැසට් ගසා එක රැුයෙන් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමයි. එහෙත් එසේ කර එක රැුයෙන් කාබනික කෘෂිකර්මයට ගමන් කිරීම ප‍්‍රායෝගිකව කිරීමට පුළුවන් දෙයක් නොවේ. එහෙත් එය තේරුම් නොගෙන මෙතරම් ගැටලූ ඇතිව තිබිය දී ද, ඒ බැරි දේම කරන්නට යනවා නම්, ආණ්ඩුවේ ඒ වැරදි පිළිවෙත් නිසා ඉදිරියේ දී රටේ ආහාර හිඟයක් පවා ඇති වෙනවා නම් ඒ සියල්ල කොරෝනාව පිට පැටවීමට පුළුවන්කමක් නැත. හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයකු ද වන එස්. බී. දිසානායක මහතා පසුගිය දෙරණ 360 වැඩසටහනේ දී කියා සිටියේ කාබනික කෘෂිකර්මයට යන මේ තීන්දුව ගන්නා රැුස්වීමේ දී තමා ද එහි සිටි බවත්, තමා එය ප‍්‍රායෝගිකව කළ හැකි ආකාරය ගැන අදහසක් ඉදිරිපත් කළ බවත්ය. ඒ ගැන තවත් අය අදහස් දක්වා ඇත. මෙය මුලින් එක දිස්ත‍්‍රික්කයකින් පමණක් ආරම්භ කරන ලෙසට ද යෝජනා ඉදිරිපත්ව ඇත. එහෙත් ඒ යෝජනා ඵලක් වී නැත. අවසානයේ එක රැුයෙන් ගැසට් ගසා රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය ක‍්‍රියා කළේය. අන්තිමට ගොවි ජනයාට කාබනික පොහොර හෝ රසායනික පොහොර හෝ කිසිම පොහොරක් නැති තත්ත්වයක් ඇති විය. ලබාදෙන කාබනික පොහොරවල ප‍්‍රමිතිය ගැන බොහෝ ප‍්‍රශ්න මතු වීම නිසා ගොවි ජනයා ඒවා ප‍්‍රතික්ෂේප කිරීමට ද පටන් ගෙන තිබේ. මේ පොහොර ප‍්‍රශ්නය නිසා අස්වනු අඩු වී සැපයුම අඩු වීමෙන් මෙරට නිෂ්පාදනය කරන කෘෂි ද්‍රව්‍ය පවා බොහෝ මිල අධික වීමට ඉඩ තිබේ. එස්. බී. දිසානායක මහතා නම් කියන්නේ නුවරඑළියේ පවා දැන් එළවළු නැති බවයි. මේ නිසා මිල වැඩිවීම කෙසේ වෙතත් වැඩි මිලටවත් එළවළු මිලදී ගැනීමට නොමැති තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බව පෙනේ.

 * භාණ්ඩ හිඟය

 මේ වන විට එළවළු හිඟයක් තිබෙන බව ද වාර්තා වේ. කාලයක් තිස්සේම කිරිපිටි සහ ගෑස් හිඟයක් ද තිබේ. කිරිපිටි බීම අනවශ්‍ය දෙයක් බව වෙනම කතාවකි. එහෙත් කිරිපිටි සොයන අයට මුදල් තිබුණත්, ඒවා මිලදී ගැනීමට නැත. තිබෙන තැන්වලත් දෙන්නේ එක් කිරිපිටි පැකට්ටුවක් පමණි. මේ භාණ්ඩ මිල අධික වීම සහ භාණ්ඩ හිඟයන් හමුවේ මෙන්ම ජනයාගේ ආදායම් මාර්ග අඩු වී ඇති තත්ත්වය හමුවේ බොහෝ ජනයා තම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගන්නේ ද ඉතාම අමාරුවෙනි. එසේ දහසකුත් එකක් ප‍්‍රශ්න හමුවේ සපයා ගන්නා ආහාර පිස ගැනීම ද බරපතල ප‍්‍රශ්නයක් වී ඇත. මේ වන විට බොහෝ ජනයා ආහාර පිස ගන්නේ ගෑස් භාවිතයෙනි. එහෙත් අද ගෑස් නැත. ඇතැම් තැන්වල ගෑස් තිබුණත් ගෑස් සිලින්ඩරයක් මුදල් දී මිලදී ගැනීමට පැය ගණන් පෝලිම්වල දුක් විඳීමට සිදුව ඇත. මේ පෝලිම්වල සිටින ජනයා නම් දැන් කියන්නේ ‘දැන් නම් හරි සැපයි’ කියාය. සෑම භාණ්ඩයකම මිල ගණන් ඉහළ ගොස් තිබේ. තෙල් මිල වැඩි කිරීමත් සමග තවත් වටයකින් භාණ්ඩ මිල ගණන් ඉහළ නගිනු ඇත. මේ මිල පීඩනයට සහනයක් දීමට රජයට නිසි වැඩපිළිවෙළක් ඇති බවක් ද පෙනෙන්නට ද නැත. ඉහළ යන වැඩි මිලටවත් මිලදී ගැනීමට ඇතැම් භාණ්ඩ සුලබ නැත. බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමැත්තා නිතරම කතා කරන්නේ සහන බඩු මල්ලක් ගැනය. ඔහු රටේ වෙළෙඳ ඇමැතිවරයා ද එසේත් නැත්නම් සතොස අලෙවි ජාලය පමණක් භාර (සතොස) ඇමැතිවරයා ද යන ප‍්‍රශ්නය ජනයා මතු කරයි. ජනයා නම් චෝදනා කරන්නේ ඔය කියන සහන මිලට ඇතැම් සතොස ශාඛාවල භාණ්ඩ නොමැති බවයි. මේ නිසා බඩු මිල ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඉමහත් පීඩාවට පත්ව සිටින ජනයා දිනපතාම පාහේ මීට වගකිව යුතු රජයේ බලධාරින්ගේ මෑණිවරුන් සිහිපත් කරමින් සිටී.

 * ඩොලර් ප‍්‍රශ්නය

 දැන් කලක් තිස්සේම බොහෝ ප‍්‍රශ්නවලට මහජනයා මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාව පවා මුහුණ දී සිටින්නේ අපගේ ඩොලර් ප‍්‍රශ්නය නිසාය. එනම් ප‍්‍රමාණවත් විදේශ විනිමය ලැබීම් රටට නොලැබීම හමුවේ අපගේ විදේශ සංචිතය දිනෙන් දින පිරිහීමට පත්ව ඇති නිසාය. මේ ඩොලර් ප‍්‍රශ්නය විසඳා ගැනීමට තාවකාලික විසඳුම් (විදේශ මුදලින් කරන අතමාරු පහසුකම්) මෙන්ම දිගු හා මැදිකාලීන විසඳුම් ක‍්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ. විදේශ මුදල් අතමාරුවක් (විදේශ විනිමය හුවමාරු පහසුකමක්* ගෙන තාවකාලිකව මේ මොහොතේ ප‍්‍රශ්නය සමනය කරගත හැකිය. එය මේ අප මුහුණ දී සිටින බලවත් විදේශ විනිමය අර්බුදයට තිරසාර විසඳුමක් නොවේ. එහෙත් මේ මොහොතේ විදේශ විනිමය අතමාරු පහසුකම් ද ලබාගත යුතුමය. නැතහොත් ඒ ඒ අවස්ථාවේ තිබෙන විදේශ ණය ගෙවීමට අපහසු තත්ත්වයක් ඇති වේ. නැත්නම් අපගේ එදිනෙදා විනිමය ප‍්‍රශ්නය සමනය කරගෙන ඉදිරියට යෑම අපහසු වේ. මේ නිසා චීනයෙන්, ඉන්දියාවෙන් සහ වෙනත් මැද පෙරදිග රටවලින් කෙටිකාලීන මූල්‍ය සහාය ලබා ගැනීමට නියමිතව තිබේ.

 * විදේශ සංචිත ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළට

 පසුගිය දිනවල අප දිගින් දිගටම කතා කළේ අපේ විදේශ විනිමය සංචිත පහත වැටීම ගැනයි. මහ බැංකුව ඊයේ (29* නිල වශයෙන් නිවේදනය කළේ නිල විදේශ සංචිත තත්ත්වය මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා වැඩි වී ඇති බවයි. පසුගිය දෙසැම්බර් මස 22 වන දින මේ ඉලක්කය මහ බැංකුව ප‍්‍රකාශ කළේය. ඒ අනුව මහ බැංකුව සඳහන් කරන්නේ මෑතකාලීනව සිදු වූ ලැබීම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය මෙසේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් පමණ දක්වා ළඟා වී ඇති බවයි. එසේම දැනට සාකච්ඡුා කෙරෙමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක විදේශ මුදල් ලැබීම් ද ලබන වසරේ (2022* ජනවාරි මස ආරම්භයේ දී ලැබෙනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි. කෙසේ වෙතත් විටින් විට විදේශ ණය ගෙවීම් සහ වෙනත් විදේශ විනිමය ගෙවීම් කිරීමේ දී මේ සංචිත තත්ත්වය අඩු වේ. උදාහරණයක් ලෙස 2022 ජනවාරි 18 වැනිදා අපට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල් පිරීම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවීමට තිබේ. එසේම වෙනත් ණය ගෙවීම් සමග අපට 2022 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 ක පමණ මුළු විදේශ ණය ප‍්‍රමාණයක් ද ගෙවීමට තිබේ. මේ නිසා යම් අතමාරු පහසුකම් මගින් තාවකාලිකව විදේශ මුදල් සොයා ගන්නා අතරම වර්ෂ 2026 දක්වාම පවතින මේ අධික විදේශ ණය ගෙවීමේ අභියෝගය ජය ගැනීමට නම් නව විදේශ විනිමය ලැබීම් මාර්ග අත්‍යවශ්‍ය වේ. එසේම තිබෙන විදේශ විනිමය ලැබීම් මාර්ගවලින් වැඩි විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමේ උපායමාර්ග  අනුගමනය කිරීම ද අත්‍යවශ්‍ය වේ.

 * සංචාරක පැමිණීම් වර්ධනය

 පසුගිය කාලයේ සංචාරක පැමිණීම් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබීම මේ හමුවේ විශාල අස්වැසිල්ලකි. මේ අනුව පසුගිය දින 26 ක (එනම් 2021 දෙසැම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 26 දක්වා* කාලය තුළ විදෙස් සංචාරකයන් 69ල941 දෙනෙකු මෙරටට පැමිණ ඇත. මේ වසරේ ජනවාරි මාසයේ පැමිණ තිබුණේ විදෙස් සංචාරකයන් 1ල682 කි. එම ප‍්‍රමාණය පෙබරවාරි මාසයේ දී 3ල366 ක් දක්වා සහ මාර්තු මාසයේ දී 4ල581 දක්වා ද ඉහළ ගියේය. ඉන් පසු මාස කිහිපයේ සංචාරක පැමිණීම් අඩු වැඩි වෙමින් සැප්තැම්බර් මාසයේ දී මෙරටට විදෙස් සංචාරකයන් 13ල547 දෙනෙක් පැමිණියේය. එසේම පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 22ල771 ක් සහ 44ල294 ක් ද වේ. මෙලෙස සැප්තැම්බර් මාසයේ සිට දිගටම සංචාරක පැමිණීම් වේගයෙන් වර්ධනය වී තිබේ. ඒ අනුව ඉකුත් දෙසැම්බර් 26 දින වන විට මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 174ල930 ක් දක්වා වර්ධනය වී තිබේ. සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය දින 26 තුළ ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ටේ‍්‍රලියාව, ඇමෙරිකාව, ප‍්‍රංශය, මාලදිවයින, යුක්රේනය හා කසකස්ථානය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බවයි. මාලදිවයින වැනි රටවලට සාපේක්ෂව අප පසුගාමී තත්ත්වයක සිටියත් ඉදිරියේ දී හෝ අඩුපාඩු හදා ගනිමින් සහ නිවැරදි සංචාරක උපායමාර්ග අනුගමනය කරමින් හැකිතාක් දුරට සංචාරක පැමිණීම් උපරිම ලෙස වර්ධනය කර ගැනීමට අප උත්සාහ ගත යුතු වේ. ඇත්තවශයෙන්ම සංචාරක කර්මාන්තය වැටී සිටි තත්ත්වය අනුව මේ වර්ධනය ගැන අපට තරමක් සතුටු විය හැකි වුවත් අපේ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ඇති විභවතාව අනුව නම් අප තව බොහෝ වර්ධනයන් අත්පත් කරගත යුතුව තිබේ. අපේ විදේශ විනිමය අර්බුදයට වැඩි වශයෙන්ම බලපෑවේ ද කොරෝනා වසංගතය හමුවේ සංචාරක කර්මාන්තයෙන් අපට ලැබෙමින් තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක් වූ විදේශ විනිමය ආදායම අහිමි වීමයි. එය වේගයෙන් යථා තත්ත්වයට පත්කරගත යුතුව තිබේ.

 * ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment