ජන බලය වෙන පක්ෂයකට කොල්ලකන්න දෙන්න බෑ – පාර්ලිමේන්තුවෙන් පිට ජනතා ආණ්ඩුවක් සෑදිය යුතුයි

823

– කුමාර් ගුණරත්නම්

ආණ්ඩුවට විරුද්ධව ගොඩනැ`ගුණු ජන බලය වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට කොල්ලකෑමට ඉඩ නොදිය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (4 දා) පැවසීය.

පාර්ලිමේන්තුවෙන් පිටත ‘ජනතා ආණ්ඩුවක්’ ගොඩනැ`ගීමට ජනතාව සංවිධානාත්මකව පෙළගැසිය යුතු යැයි ද ඒ මහතා කීවේය.

කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ජනතාවට තම ගැටලූ ඉදිරිපත් කළ හැකි ‘ජනසභා’ ගම් මට්ටමින් පිහිටුවිය යුතු බව ද ඔහු පැවසීය. ගම් මට්ටමින් එම ලැබෙන

ගැටලූ ‘ජාතික කවුන්සිලයකට’ ඉදිරිපත් කර පවතින ඕනෑම රජයක් ලවා ඒවා ක‍්‍රියාත්මක කර ගැනීමට හැකි දේශපාලන පරිසරයක් නිර්මාණය කළ යුතු යැයි ද කුමාර් ගුණරත්නම් මහතා කීවේය.

ඇමැතිවරුන් ඒවා ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් අදාළ ‘ජාතික කවුන්සිලය’ වෙත කැඳවා ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීමට ජනතාවට බලය හිමිවිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ඇතැම් පක්ෂ අන්තර්වාර පාලන යෝජනා ක‍්‍රම ගෙන එන්නේ ගොඩනැ`ගුණු ජනතා බලය කොල්ලකා යළිත් වෙනත් පැලැන්තියකට බලය ලබා දීමට යැයි ද හෙතෙම සඳහන් කළේය. මැතිවරණයකදී ඡුන්දය ප‍්‍රකාශ කර අත පිස දා ගන්නේ නැතුව ජනතාවගේ බලය ජනතාව අතේම තබා ගත යුතු යැයි කුමාර ගුණරත්නම් මහතා කීවේය. එමෙන්ම රටේ වර්තමානයේ ඇති අර්බුද විසඳීමට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.

අනුරාධ හිරිපිටියගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment