ජන බලවේගයේ තවත් පන්දම් විරෝධයක්!

131

ජීවන වියදම දරා ගැනීමට නොහැකිව මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ගම්මානයේ පවුල් 70 කට ආසන්න පිරිසක් පෙරේදා (18) දින රාත්‍රියේ පන්දම් රැගෙන මහ පාරට බැස ආණ්ඩුව කෙරෙහි සිය අප්‍රසාදය පළකර සිටියහ.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා පවුල් 70 ට ආසන්න පිරිසක් සහ දුවා දරුවන් ද සහභාගි වූහ.

විදුලි බිල, ඉන්ධන මිල සහ අත්‍යඅවශ්‍ය භාණ්ඩ මිල වත්මන් රජය විසින් වැඩි කළ ආකාරය තමන්ට කිසිසේත් දැරීමට නොහැකි බව විරෝධතාකරුවෝ එහිදී පැවැසූහ.

සිය දෛනික ආහාර වේලවත් සපුරා ගැනීමට නොහැකිව සිටින තමන් හට විශාල විදුලි බිලක් ගෙවීමට වීම මහත් පීඩාවක් බැවින් අහිංසක ජනතාව මතට බදු බර පටවා ඔවුන් සූරා නොකා විදුලි බිල නොගෙවා සිටින ඇමැතිවරුන්ගෙන් අයවිය යුතු විදුලි බිල්පත් වහා අයකර ගන්නා ලෙස ඔවුහු එහිදී වත්මන් රජයෙන් ඉල්ලා සිටියහ.
මැදවච්චිය – ගයාන් උතුරුමැද

advertistmentadvertistment
advertistmentadvertistment