ජපන් අල්ලස් පැමිණිල්ලෙන් නිමල් සිරිපාල නිදහස්

111

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වූ ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට චෝදනා කරමින් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකමින් ඉවත දමන බව එම කොමිසම දැනුම්දී ඇත.

කොළඹ මාලිගාවත්ත පටුමග හි පදිංචි එස්.එම්. නිෂාන් මව්ලානා නමැති පුද්ගලයකු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත ගොනු කළ ලිඛිත පැමිණිල්ලක් විභාග කරමින් කොමිසම මෙම තීරණය දැනුම් දී තිබේ.

මෙම පරීක්ෂණය අවසානයේ දී කිසිදු චෝදනාවක් එල්ල කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද, එහෙයින් නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ලට අදාළ ලිපිගොනුව වසා දමන බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට දන්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment