ජපන් ජාතිකයකුගෙන් ඩොලර් ලක්‍ෂ 6 ක් වංචා කිරීමේ නඩුවෙන් ඩිලන්ත මාලගමුව නිදහස්

567

සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හයක මුදලක් ලබාගෙන වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (28 දා) නියෝග කළේය.

2015 වසරේදී පවරා තිබූ එම නඩුවේ පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකරු වන යොෂුකි හයාෂි නමැත්තා නඩු පවරා වසර හතක් ගතවී ඇතත් පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම කෙරෙහි අවධානය යොමුකළ විනිසුරුවරයා විත්තියේ නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීම පිළිගනිමින් එම නියෝගය කළේය.

ඩිලන්ත මාලගමුව, ඥානදීපන් සිවජෝති හා රංජුල බණ්ඩාර මංගලසේන යන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රලිත අමරසේන, තිලංක පොල්ගම්පල හා ජ්‍යෙෂ්ඨ නීතිඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment