ජපන් භාෂාව ඉගැන්වීම පාසලෙන්ම අරඹයි : මනූෂගේ යෝජනාවට කැබිනට්ටුව එකඟයි

135

පාසල් මට්ටමින් ජපන් භාෂාව ඉගැන්වීම ආරම්භ කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමකට අනුව ක්‍ෂේත්‍ර 14 ක් යටතේ ජපානයේ රැකියා සඳහා අයැදුම් කිරීමට ශ්‍රී ලාංකිකයන්ට ඇති අවස්ථාව අනුව ජපානයේ රැකියා සඳහා පිටත්ව යෑමේදී ජපන් භාෂා ප්‍රවීණත්වය අනිවාර්ය සුදුසුකමක් වේ.

මෙම ගිවිසුමට අනුව විශේෂ කුසලතා රැකියා වැඩසටහන යටතේ ජපානයේ රැකියා සඳහා පිටත්ව යෑමේදී ජපන් භාෂාව දැන සිටීම අනිවාර්ය වීම සැලකිල්ට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment