ජපන් සමාගම නොමිලේම බේරේ වැවට

272

කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් රජයට එකඟතාව පළකර තිබේ.

මාස 06 ක් ඇතුළත මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය. ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 03 ක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. එම මුදල අදාළ සමාගමේ ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතය.

බේරේ වැව මේ වනවිට අපවිත්‍රවී දුඟඳ හමන තත්ත්වයට පත්ව ඇති බැවින් එය පිරිසිදු කර දෙන ලෙස ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට අදාළ ගිවිසුම පෙබරවාරි මුල් සතිය වනවිට අත්සන් කිරීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment