ජපානයෙන් ලබාදෙන ඩොලර් මිලියන 15ක ඖෂධ තොගයේ පළමු කොටස ශ්‍රී ලංකාවට

98

අගෝස්තු අගවන විට ඖෂධ ගැටලුව විසඳේවි – සෞඛ්‍ය ඇමැති ජාත්‍යන්තර නියෝජිතයන්ට කියයි

ඉදිරි අගෝස්තු අග වනවිට මෙරට ඖෂධ ගැටලුව බොහෝ දුරට විසඳනෙ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ වනවිට ආර්ථික හා දේශපාලන අර්බුදයන් සමනය වෙමින් රට යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා හා යුනිසෙෆ් සංවිධානය් නියෝජිත පිරිසක් හමුවේ අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ජපන් ජනතාව විසින් ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක ඖෂධ හා උපකරණයන්හි පළමු තොගය පෙරේදා (28දා) නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර ගැනීමේ අවස්ථාවේදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා…

මේ මොහොතේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ජපන් ජනතාව විසින් යුනිසෙෆ් සංවිධානය හරහා පරිත්‍යාග කරන බවත් කොවිඩ් ව්‍යසනයේ සිට අඛණ්ඩව ජපානය ඖෂධ පරිත්‍යාගයන් සිදුකරන බවත් ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ ද මෙම පරිත්‍යාගයන් අතර පවතින බවත් කීය. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල පරිත්‍යාගයක් ලෙස ලබාදුන් අයුරින්ම ඉදරියටත් එවැනි විශාල පරිත්‍යාගයන් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි ද, ඒ අනුව ශ්‍රී ලංකා ජාතික රෝහලේ අලුතින් ඉදිකරන බාහිර රෝගී

ගොඩනැඟිලි සංකීර්ණය සඳහා අවශ්‍ය MRI හා CT යන්ත්‍ර පරිත්‍යාග ලෙස ලබාදුන්නේ යැයි ද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment