ජපානයේ ක්‍රිකට් දියුණු කිරීමට ශ්‍රී ලංකාවෙන් සහයෝගය

332

ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා සමග කොළඹ පැවති සාකච්ඡාවක දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ජපානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති බවත් මෙහිදී ජපන් නියෝජ්‍ය තානාපතිවරයා පැවසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය. ‘ජපානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහයෝගය ලබාදෙනවා.

1983 ආරම්භ කළ ජාතික තරුණ සේවා සභාව ගොඩනැංවීම සඳහා ජපාන රජයේ සහයෝගය ලබාදීම පිළිබඳව ජපන් නියෝජ්‍ය තනාපතිතුමන්ට මා ස්තූතිවන්ත වෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment