ජපානයේ කෘෂි ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ලාංකිකයන්ට

539

විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ ජපානය මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් සාත්තු සේවා හා ආහාර පාන සේවා ක්‍ෂේත්‍රයේ රැකියාවලට අමතරව කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීමට ජපන් රජය එකඟතාවය පළකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට අවස්ථාව ලැබී තිබේ.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා අනෙකුත් ආයතනවල මැදිහත්වීම මත මෙම කෘෂි ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් සඳහා අනුමැතිය ලබාගෙන ඇති අතර, තානාපති කාර්යාලය මෙහිදී සුවිශේෂී කාර්යභාරයක් සිදුකර ඇත.

කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ජපන් භාෂා ප්‍රවීණතාවයට අමතරව වෘත්තීය සුදුසුකම් ද අවශ්‍ය වන අතර වයස අවුරුදු 17 ට වැඩි සුදුසුකම් ලත් අයට මේ සඳහා අයැදුම් කළ හැකි බව කාර්යාංශය සඳහන් කරයි.

කුසලතා පරීක්‍ෂණයට අදාළ විභාග 2022 ජූලි මස 29 හා 31,

අගෝස්තු 2,3,5,7-10, 19,21,23-26 හා 28, සැප්තැම්බර් 1,2,4,6,7,9 හා 11, ඔක්තෝබර් 11-13, 16, 18-20 හා 23 සහ නොවැම්බර් මස 8-10,13,15 හා 16 යන දිනවලදී පරිගණක ආශ්‍රයෙන් පැවැත්වේ.

මෙම විභාගයට ප්‍රවේශවීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ජපන් රැකියා ද්වාරය (SSW Japan) වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment