ජපානයේ ජේ. ආර්. ප්‍රතිමාව හැදූ කමිසකමොකෝ පවුල අගමැති හමුවෙයි

253

ශ්‍රී ලංකාව තුළ සිදුකළ හැකි නව ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ ඉහළ පෙළේ ව්‍යවසායකයන් පිරිසක් ඉකුත් 24 දා පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

එම දූත පිරිසට ජපානයේ රාජකීය පවුලේ සාමාජිකාවක් සහ කෝක්යෝ මෙට්‍රොපොලිටන් කවුන්සිලයේ හිටපු සාමාජිකාවක් වන සයිගෝ අයුමි මහත්මිය සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුප්‍රසිද්ධ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා ජපානයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් එතුමාට කෘතවේදීත්වය දැක්වීම සඳහා ජපානයේ ස්මාරකයක් ඉදිකරන ලද ව්‍යවසායක පවුලකට අයත් කමිසකමොකෝ යුජී සහ කමිසකාමොකෝ ගිසාකෝ මහත්මිය ඇතුළත් විය. ජපානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය පිළිබඳව ස්තූතිය පළකළ අගමැතිවරයා කෘෂිකර්ම, ධීවර, මෝටර් රථ උපාංග, ඖෂධ සහ කර්මාන්ත වැනි නව ක්ෂේත්‍රවල ආයෝජනය කරන ලෙස නියෝජිත පිරිසට ආරාධනා කළේය. කමිසකාමොකෝ මහතා විසින් ජපන් භාෂාවෙන් ප්‍රකාශයට පත්කරන ලද ජේ. ආර්. ජයවර්ධන මහතා පිළිබඳ කෘතියක් අගමැතිවරයා වෙත පිළිගැන්වූ අතර දූත පිරිස ජනාධිපති ජයවර්ධනගේ මුණුපුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා හමුවීමට කටයුතු කර දිවංගත ජනාධිපතිතුමා පිළිබඳ නව ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීය.

ජපානයේ ජේ. ආර්. ප්‍රතිමාව හැදූ කමිසකමොකෝ පවුල අගමැති හමුවෙයි

නියෝජිත පිරිසට සතෝෂ් රියෝසුකේ, සිතෝඅයා, මදසා හිරොකෝ, නකාදේ රියෝෂින්, නෝසේ හිරෝෂී. සෙතෝ තත්සුහීකෝ, කවායි තොසිශිකෝ, මියුරා යොසුකේ, සුසුකි නත්සුඔ, තනකා තාරෝ, සතෝ ඉචිරෝ සහ ඉකෙදා කඋතෙක්සු ඇතුළත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment