ජපානයේ භූමිකම්පාවකින් දෙදෙනෙක් මරුට: විසි ලක්ෂයකට විදුලිය නැහැ

216

ඊසාන දිග ජපානයේ පෙරේදා (16දා) රාත‍්‍රියේ හටගත් දරුණු භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් 04 දෙනකු මියගොස් තවත් 107 දෙනකු තුවාල ලබා ඇති අතර නිවාස ලක්ෂ 20ක විදුලිබලය තාවකාලිකව විසන්ධි වී තිබේ.

රිච්ටර් මාපකයේ 7.4ක් වශයෙන් සනිටුහන් වී ඇති මෙම භූමිකම්පාව හටගෙන ඇත්තේ දැනට වසර 11කට පෙර ජපානයේ ‘ෆුකුශිමා’ න්‍යෂ්ඨික අනතුර සිදු වූ කලාපය තුළය. භූමිකම්පාව ඇති වූ විගස මුහුදු රළ මීටරයක් (අඩි 3.3ක්) දක්වා ඉහළ නැගිය හැකි සුනාමි තත්ත්වයක් හටගනු ඇති බවට ජපාන කාලගුණ විද්‍යාඥයන් විසින් ඊසාන දිග ජපානයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ අතර ඊයේ (17දා) උදෑසන එම අනතුරු ඇඟවීම ඉවත් කරගෙන තිබිණි. බොහෝ දෙනකු තුවාල ලබා ඇත්තේ භූමිකම්පාවත් සමගම එහා මෙහා විසි වී ගිය ද්‍රව්‍යයන් හා ගැටීමෙන් බව වාර්තා වී තිබේ. උතුරුදිග ෆුකුෂිමා නගරයේ ගමන් ගනිමින් තිබූ බුලට් දුම්රියක්ද භූමිකම්පාවත් සමගම පීලි පැන ඇත.
භූමිකම්පාවේ බලපෑම ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරයටද බලපා ඇති අතර නගරයේ ගොඩනැගිලි මෙම භූමිකම්පාව හේතුවෙන් දැඩි සේ චලනය වීම හේතුවෙන් ගොඩනැගිලිවල සිටි ජනතාවට සිටගෙන සිටීමටවත් නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පෙරේදා රාත‍්‍රියේ ජපාන වේලාවෙන් රාත‍්‍රී 11.36ට පමණ මෙම භූමිකම්පාව පොළවෙන් කිලෝ මීටර් 57ක් (සැතපුම් 35.4ක්) ගැඹුරින් හටගෙන ඇති අතර එහි පසු කම්පන තත්ත්වයන් ‘ෆුකුශිමා’, ‘යාගී’ හා ‘යමගාටා’ යන නගරවලට දැනෙනු ඇති බව බලධාරීන් විසින් අනතුරු අඟවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment