ජපානයේ හයාටා හිනා ශ‍්‍රී ලංකාවේ මුතුමාලී හඬවයි

3950

කටාරයේ දෝහා නගරයේ පිහිටි ලූසේන් ක‍්‍රීඩාගාරයේ දී දැන් ක‍්‍රියාත්මක 25 වැනි ආසියානු මේස පන්දු තරගාවලියේ ශ‍්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව බවට පත්ව සිටී මුතුමාලී ප‍්‍රියදර්ශනී පෙරේදා (03 දා) කේවල තරගාවලියේ 16 වටයේ තරගයෙන් ජපානය නියෝජනය කළ ‘‘හයාටා හිනා’’ හමුවේ පරාජයට පත්වූවාය.

මුතුමාලී ප‍්‍රියදර්ශනී සහ හයාටා හිනා අතර පැවති මෙම සටනින් තරග වට 03 – 00 (11 – 03, 11- 06, 11- 05* ක පරාජයක් අත්වි`දීමට මුතුමාලී ප‍්‍රියදර්ශනීට සිදුවිය.

මෙම තරගය ජයගත් ජපානයේ ‘‘හයාටා හිනා’’ සමග එක්වූ ‘ටුගාමී ෂුන්සුකේ’ මිශ‍්‍ර යුගළ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීම ද විශේෂත්වයකි. මිශ‍්‍ර යුගළ අවසන් තරගයට වරම් ලබා ගැනීමට ජපානය සහ කොරියාව සමත් විය. මෙම අවසන් තරගය අද (05 දා) පැවැත්වේ.

මෙවර පිරිමි යුගළ අවසන් තරගය ස`දහා වරම් ලබා ගැනීමට සමත් වූයේ ද ජපානය සහ කොරියාව නියෝජනය කළ ක‍්‍රීඩකයෝ වෙති.

අසල්වැසි ඉන්දීය ‘ඒ’ කණ්ඩායම වට 03 – 02 කින් පරාජයට පත් කරමින් කොරියාව ද ඉන්දීය කණ්ඩායම වට 03 – 00 කින් පරාජයට පත් කරමින් ජපානය ද මෙවර අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව මෙවර අවසන් තරගය සඳහා ඉන්දියාව ගත් උත්සාහයන් දෙකම අසාර්ථක වීම කැපී පෙණුනි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment