ජපානය රැකගත් ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික මෙහෙවරට වසර 70 යි

843

1945 දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානයට බරපතළ හානි සිදුවූයේය. එහි හිරෝෂිමා හා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීම් නිසා වූ ජීවිත හානිය විශාලය. දහස් ගණනක් වූ එම ජීවිත නැති කළ මහා විපතේ අඳුරු පැල්ලම ඉවත් කිරීමට අපේ රටේ එවකට මුදල් ඇමැතිවරයකු වූ පසුකලක ප‍්‍රථම විධායක ජනපතිවූ ජේ. ආර්. ජයවර්ධන මහතා ඇමෙරිකාවේ සෙන්ට් පැන්සිස්කෝ මහ සමුළුවේ කළ කතාවට හා ජපන් සාම ගිවිසුම අත්සන් තැබීමේ සුවිශේෂ සිද්ධියට ඊයේට වසර 70 ක් පිරුණි. 1951 සැප්තැම්බර් 06 වැනිදා සැන්ට් ප‍්‍රැන්සිස්කෝ සමුළුව ඇමතූ ජයවර්ධන මහතා ජපානයට සමාව ලබාදීමට දැඩිව අවධාණය කළේ ජපානයට එවැනි සමාවක් දීමේ ඓතිහාසික මෙන්ම මානුෂික වැදගත්කමද බලවත් රාජ්‍ය හමුවේ උද්වේගකරීව ප‍්‍රකාශය සිදුකරමිනි.

ජපානය රැකගත් ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික මෙහෙවරට වසර 70 යි
සැන්ට් ප‍්‍රන්සිස්කෝ සාම ගිවිසුමට 70 වසරක් පිරීම ජපානයේ ටෝකියෝ නුවර පැවැති සමරු උත්සවයේදී එහි ඇති ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ඇතුළු එදා ජපාන නායකයන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර පුදකළ අවස්ථාවකි.

ජපානය සමඟ ආසියාතිකයන් තුළ ඇති දීර්ඝකාලීන හා සංස්කෘතික සමාජීය සබඳතා ගැනද එහිදී සඳහන් කළ ජයවර්ධන මහතා ‘‘ඇය නිදැල්ලේ ශක්තිමත්ව නැ`ගී සිටිමින් නිදහසේ සිටිනු දැකීම අපි කාගේත් ප‍්‍රාර්ථනාවයි. ජපානය නිදහස් රටක් වනු දැකීම අපේ අරමුණයි.’’

ජපානය රැකගත් ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික මෙහෙවරට වසර 70 යි


ජයවර්ධන මහතා එහිදී කළ දීර්ඝ කතාව ලෝකයේ මෙතෙක් ප‍්‍රකාශිත ඓතිහාසික ‘සාම’ ප‍්‍රකාශනයක් ලෙසද සැළකෙයි. එහිදී ඔහු සිය කතාව අවසන් කළේ ‘‘වෛරය වෛරයෙන් නොව අවෛරයෙන්ම සංසිඳිය යුතු බවට දැඩිව පළකරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ‘නහී වේරේන වේරානි…. පාඨය සඳහන් කරමිනි. වෛරය වෛරයෙන් නොසසිඳේ… වෛරය මෛත‍්‍රියෙන් සංසිඳේ යන බුද්ධ වචනය සංවේදීව සඳහන් කරද්දී එම සමුළුවට සහභාගි වූවන්ගේ නෙතට කඳුළක්ද නැ`ගුණි. එම

ගිවිසුමට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළේද ජේ. ආර්. ජයවර්ධන මහතාය. අදට ජපානය තුළ ජයවර්ධන මහතාගේ නම හා පිළිරුව සහිත ස්මාරක ස්ථාපිත කරමින් ඔහු එරට වෙනුවෙන් කරන ලද උත්තම මෙහෙවර කෘතවේදීව ස්මරණය කරති. එම ගිවිසුම අත්සන් තැබුණේ 1951 සැප්තැම්බර් 8 වැනිදාය.

 නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment