ජපානය විදෙස් සංචාරකයන්ට විවෘත කෙරේ

191

කොරෝනා වසංගතය හේතුවෙන් වසර දෙකක කාලයක් විදේශිකයන් වෙනුවෙන් වසා දමා තිබූ ජපානය යළි විදෙස් සංචාරකයන්ට විවෘත කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ලබන ඔක්තෝබර් මාසයේ සිට ජපානය මෙසේ සිය දේශසීමා විදේශිකයන් සඳහා විවෘත කිරීමට නියමිතව තිබෙන අතර එරටට එන විදෙස් සංචාරකයන්ට ඔක්තෝබර් 11 දා සිට වීසා බලපත් අයැදුම් කිරීම අනවශ්‍ය බව ජපන් රජය නිවේදනය කර තිබේ. කෙසේ වුවද ජපානයට එන විදෙස් සංචාරකයන් කොරෝනා මර්දන එන්නත් තුනක් ලබා ගත් බව සහතික කරන වාර්තාවක් හා කොරෝනා ආසාදනය සෘණ බව පෙන්වන සහතිකයක් ජපානයට එන විට ගෙන ඒම අනිවාර්ය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment