ජපාන තානාපති ජනපති හමුවෙයි

86

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා (sugiyama akira) ඊයේ (25 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.

 ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා ලක්‍ෂ හයක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඞ් මර්දන කි‍්‍රයාවලිය සාර්ථකකර ගැනීම ඇතුළු සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙන් මෙරටට ලබාදුන් සේවය ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක්කෙරිණ.

 දෙරට අතර දිගුකාලීන මිත‍්‍රත්වය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑම මොහොතක ශී‍්‍ර ලංකාවට සහාය දීමට තමා උත්සාහ කරන බව ජපාන තානාපතිවරයා ජනාධිපතිතුමා සමග පැවැසීය. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර සහ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප‍්‍රධානී කට්සුකි කොටාරෝ (katsuki kotaro) යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment