ජපාන වෙරළට ආ අභිරහස් වස්තුව

371


ජපානයේ හමාමට්සු වෙරළ තීරය වෙත ගොඩගැසූ අභිරහස් ගෝලාකාර වස්තුවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත.

ඇතැම් බලධාරීන් එය බෝම්බයක් නොවන බවට පවසා තිබේ.
මේ අතර අදාළ ගෝලාකාර වස්තුව දෙවන ලෝක යුද සමයේ මුහුදේ රැඳවූ පුපුරා නොගිය බෝම්බයක් බවටද ඇතැම් විශේෂඥයින් මත පළකර ඇත.එම ගෝලාකාර වස්තුව පරීක්ෂා කිරීම සඳහා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද පැමිණ තිබූ අතර ඔවුන් සිදුකළ එක්ස් කිරණ පරීක්ෂාවකදී එය තුළ කිසිවක් නොමැති බවට අනාවරණය වී ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීටර් 1.5ක පමණ විශ්කම්භයකින් යුතු මෙම ගෝලාකාර වස්තුව යකඩ බෝලයක් බවටද ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත.

උදෑසන වෙරළට පැමිණි නගරවාසීන් එය දැක ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

එම ගෝලාකාර වස්තුව එසවීමට හෝ රැඳවීමට භාවිත කළ බවට සැකකරෙන ආධාරක දෙකක් ද එහි ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment