ජ’පුර රෝහලේදී  දුමින්ද සිල්වා අත්අඩංගුවට

407

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01 දා) අත්අඩංගුවට ගෙන ඇත.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම වූ ඒ මහතා එම දඬුවමින් නිදහස් කර ලබාදුන් ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (31 දා) අතුරු නියෝගයක් නිකුත් කිරීමත් සමග ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි. එම නියෝගයට අනුව දුමින්ද සිල්වා මහතා මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.

ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.

මෙහි පෙත්සම්කරුවන් වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර හා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ෆස්ලි හුසේන් යන මහත්ම මහත්මීන්ය.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment