ජම්බු ගෙඩිය ගන්න ගිය සිඟිත්තා ප්ලාස්ටික් බැරලයට වැටී මරුට

145

කලවංචිකුඩි පොලිස් වසමේ කලවංචිකුඩි මාරියම්මන් කෝවිල් පාරේ නිවාස ව්‍යාපෘතියේ නිවසක තිබූ කුඩා ප්ලාස්ටික් බැරලයක් තුළට වයස අවුරුදු තුනක දැරියක් වැටී මියගිය ශෝකජනක සිද්ධියක් පෙරේදා (22 වැනිදා) කලවංචිකුඩි පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

දැරිය නිවසේ සිටියදී ජල කරාමය අසල තිබූ කුඩා ප්ලාස්ටික් බැරලයක් තුළට තම අතේ තිබූ ජම්බු ගෙඩිය දමා ඇත. පසුව එම ජම්බු ගෙඩිය ගන්නට උත්සාහ කිරීමේදී මෙම දැරිය භාජනය තුළට මුනින් අතට වැටී ඇත. උසින් අඟල් විසිතුනක් වන මෙම කුඩා බැරලයේ අඟල් අටක පමණ ජලය පිරී තිබී ඇත.

සිය නැගණිය වැටුණු දුටු පස් හැවිරිදි සහෝදරයා නිවසේ ආහාර පිසිමින් සිටි තම මවට මේ බව දන්වා ඇත. අසල්වැසියන්ගේ උපකාරයෙන් දියණිය බේරාගෙන කලවංචිකුඩි මූලික රෝහලට ඇතුළත් කරන විටත් දියණිය මියගොස් සිටි බව රෝහල් ප‍්‍රකාශකයෙකු ‘දිවයින’ ට පැවසීය.

කලවංචිකුඩි මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරු කේ. ජීවරානි මහත්මියගේ නියෝග මත මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර සිතම්බරප්පිල්ලයි ජීවරට්නම් මහතා විසින් මරණ පරීක්ෂණය සිදුකරන ලදී. කලවංචිකුඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මඩකලපුව – ටී. එල්. ජව්ෆර් කාන්

advertistmentadvertistment
advertistmentadvertistment