ජම්බෝ පීනට්ස් සඳහා රටකජු ආනයනය අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයට විකල්ප ප්‍රභේදයක් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇති බවත් එම රටකජුවලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත බවත් ඒ සම්බන්ධව අදහස් දක්වමින් කෘෂිකර්ම, වනජීවි, වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙතෙක් ජම්බෝ පීනට්ස් සැකසීම සඳහා රටකජු ප්‍රභේදය ආනයනය කරන ලදි. ශ්‍රී ලංකා ජම්බෝ නම් විකල්ප රටකජු ප්‍රභේදය ආනයනය කරන රටකජුවලට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළ බවත් එම නිසා ශ්‍රී ලංකා ජම්බෝ රටකජු නිසා මින්පසු රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් ඇමැතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා ජම්බෝ රටකජු ප්‍රභේදය මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතී. ඉහළ අස්වැන්නක් සහිත වීමත්, මිනිසුන්ට අවශ්‍ය දෛනික ප්‍රෝටීන ප්‍රමාණයෙන් සියයට 29ක් මෙම රටකජු ආහාරයට ගැනීම නිසා සපයා ගත හැකි බවත් මෙම ප්‍රභේදය හඳුන්වා දුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මස් හා මාළු මිල ගණන් ඉහළ යෑම නිසා ජනතාවට අවශ්‍ය සත්ව ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීමේ අපහසුතාවක් පවතී. නමුත් රටකජුවල අවශ්‍ය තරම් ප්‍රෝටීන් අන්තර්ගත නිසා එම අඩුව සපුරා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ආහාර භෝගයක් ලෙස වගා කරන රටකජු මේ වනවිට අපේ රටේ ජාතික අවශ්‍යතාව ඉක්මවා වගා කර තිබේ. අප රටේ වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙ.ටො. 30,000කි. නමුත් මේ වනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න ප්‍රමාණය මෙ.ටො. 64,000ක් ඉක්මවා ඇත.
උපාලි ද සේරම් සහ අරුණ බෝගහවත්ත