ජම්මු කාශ්මීර දොරටු යළි බොලිවුඩ් සිනමාවට ඇරේ

262

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ නව සිනමා නිර්මාණ රෑ ගත කිරීම යළිත් ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයේ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට එහි ආණ්ඩුකාර ලුතිනන් මනෝජ් සිංහ පියවර ගෙන ඇත.ඒ අනුව එම ප්‍රදේශයේ චිත්‍රපට රෑ ගත කිරීමට අදාල නව සිනමා ප්‍රතිපත්ති මාලාවක් ද ඉදිරිපත් කර තිබේ.කාශ්මීරය යනු චිත්‍රපට රෑ ගත කිරීම සඳහා හොදම ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී ඇත.සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ චිත්‍රපට රෑ ගත කිරීම සඳහා අවසර ලබා ගැනීමට ඉල්ලීම් 500ක් පමණ චිත්‍රපට නිෂ්පාදකයන් වෙතින් ලැබී ඇති බවය.රිෂි කපූර්ගේ බොබී චිත්‍රපටයේ සිට සල්මන් ඛාන්ගේ බජ්රංගි බයිජාන් දක්වා වූ බොලිවුඩ් චිත්‍රපට රැසක් කාශ්මීරයේ රෑ ගත කර ඇත.නමුත් 1990 වසරින් පසු කාශ්මීරයේ චිත්‍රපට රෑ ගත කිරීම සඳහා නිෂ්පාදකවරුන් හා නිෂ්පාදක කණ්ඩායම් ප්‍රතික්ෂේප කරන ලදි.ඊට හේතු වූයේ එහි පැවති කලහකාරී පසුබිමය.පසුගිය වසර හතරක කාලය තුළ ඇතිවූ සාමයේ දොරටු විවෘත වීමත් සමඟ යළි සුන්දර කාශ්මීරයේ පසුතල බොලිවුඩ් චිත්‍රපට සදහා යොදා ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ජම්මු කාශ්මීර් ආණ්ඩුකාරවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment