ජම්මු කාෂ්මීරය දෙස ඉන්දීය රජය තදින් සිටී

606

ජම්මු කාෂ්මීර් ප‍්‍රදේශයේ සාමයට සහ සංවර්ධන කටයුතුවලට කිසිවකුත් බාධාකිරීමට පියවරගතහොත් ඔවුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂාහ මහතා ඊයේ එම ප‍්‍රදේශයේදින තුනක සංචාරයක නිරතවෙමින් පැවසීය.අමාත්‍යවරයාගේ සිය පළමු සංචාරය වූ මෙහිද එම ප‍්‍රදේශයේ තරුණ සංවිධාන හමුවීමද සිදුවිය.කාෂ්මීර ප‍්‍රදේශයේ මේ වනවිට ත‍්‍රස්තවාදය,දූෂණය සහ පවුල් දේශපාලනවාදය සම්බන්ධව බියක් පැතිර යන බවත් තරුණ ප‍්‍රජාව ඉන් වෙනස්විය යුතු බවත් සඳහන් කළේය.පසුගිය 70 වසරක කාලය තුළ පැවැති රජයන් ජම්මු කාෂ්මීරයට කිසිදු සේවයක් නොකළ බවත් වත්මන් අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතා විසින් මෙම ප‍්‍රදේශය සංව්රධනය සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇතැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment