ජම්මු සහ කාශ්මීරය ඉන්දියාවට පැවරීමේ උත්සවයක්

568

ඉන්දියාවේ 75වැනි රාජාභිෂේකය සැමරීමත් සමග ජම්මු සහ කාශ්මීරය ඉන්දියාවට පැවරීමේ ඓතිහාසික උත්සවයක් බ්‍රිතාන්‍යයේ පිහිටි ජම්මු සහ කාශ්මීර අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි. මෙම උත්සවය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ බොබ් බ්ලැක්මාන් සහභාගී වී ඇත. එසේම ප්‍රාදේශීය මන්ත්‍රීවරු සියයකට අධික පිරිසක් ද ප්‍රජා නායකයින්, විවිධ සංවිධාන නියෝජිතයන් සහ ඩයස්පෝරා නියෝජිතයන් ද සහභාගී වී තිබේ. මෙහිදී දේශනයක් පැවැත්වූ බොබ් බ්ලැක්මාන් මහතා සදහන් කළේ 1947 දක්වා මහරාජා හරි සිංහ විසින් ජම්මු සහ කාශ්මීරය පාලනය කළ බවට සහතික වන අත්සනක් සහිත ලිපියක් හමුවී ඇති බවය. ඒ අනුව පකිස්ථානය මෙම ප්‍රදේශය වෙත නීති විරෝධී ලෙස ඇතුළු වී ඇතැයි ද සඳහන් කළේය. මෙහිදී විද්වතුන් රැසක් ජම්මු සහ කාශ්මීරය ඉන්දියාවට අයත්ව තිබූ බවට තහවුරු වන තොරතුරු සදහන් කළහ.එබැවින් පාකිස්ථානයෙන් සිදුවන මෙම ප්‍රදේශයේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද සදහන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment