ජයග‍්‍රාහකයා තීරණය වන තීරණාත්මක තෙවැනි තරගය අද

377

ශී‍්‍ර ලංකාව සිම්බාබ්වේ අතර තරග 3 කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ජයග‍්‍රාහකයා කවුරුන්ද යන්න තීරණය කෙරෙන තුන්වන සහ අවසන් එක්දින තරගය මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (21 වැනිදා) පැවැත්වේ.

තරගාවලිය යටතේ දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ශී‍්‍ර ලංකාව ද, දෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ද ජයග‍්‍රහණය කර 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වන හෙයින් අද තරගය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි විචාරකයෝ පවසති.

ශී‍්‍ර ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින් ද, සිම්බාබ්වේ කණ්ඩායම කේ‍්‍රග් අර්විස් විසින් ද මෙහෙයවනු ලබති. ශී‍්‍ර ලංකා නායක දසුන් ශානක පසුගිය තරගයේදී ශතකයක් ලබා ගත්ත ද එය ජයග‍්‍රහණය සඳහා ප‍්‍රමාණවත් නොවුණු අතර මුල් පිතිකරුවන් හතර දෙනා අතරින් තිදෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී යෑම තරගයේ පරාජයට ප‍්‍රධාන හේතුව විය.

අද තරගයෙන් ජය වාර්තා කරගනු ලබන කණ්ඩායමට තරගාවලිය ජය ගැනීමේ අවස්ථාව හිමිවනවාට අමතරව 2023 ලෝක කුසලාන

තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ප‍්‍රසාද ලකුණු 10 ක්ද හිමිවීම ඊට හේතු කාරක වී තිබේ.

ලෝක කුසලාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ 13 වැනි හෙවත් අවසන් ස්ථානයේ රැඳී සිටි ක්‍රෙග් අර්වින්ගේ නායකත්වයෙන් යුතු සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි තරගයේ ලද ලකුණු 22 ක ජයත් සමඟ එම සටහනේ 10 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටින්නේ මුලූ ප‍්‍රසාද ලකුණු 35 ක් ලබා ගනිමිනි. පළමු තරගය ජය ගැනීමත් සමඟ 6 වැනි ස්ථානයේ රැඳී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පස්වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටියි.

තරගයට පෙර දින ඊයේ (20දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් ශී‍්‍ර ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ශී‍්‍ර ලංකාව පරාජය වූ දෙවැනි තරගය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

”තරගයට පෙර කතා කළේ කණ්ඩායම සතු ප‍්‍රධාන පන්දු යවන්නන්ට වැඩි වශයෙන් ඔවුන්ගේ පන්දුවාර සංඛ්‍යාව යවන්න ලබා දෙන්න. නමුත් ඒ අඩුපාඩුව අපේ අතින් සිද්ධ වුණා. නමුත් මම හිතනවා ආයිමත් ඒ දේ වෙන්නේ නෑ කියලා” යැ හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩක, පුහුණුකරු රත්නායක මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

”පුහුණුකරු වශයෙන් මම ආස නෑ අපිට 300 ක් ගහනවාට. මොකද අපි ඔවුන්ව නවත්තන්න උපරිම ලකුණු සංඛ්‍යාව විදියට බැලූවේ 260 යි. අන්න ඒ දේ හදා ගන්න තමයි අපි මේ දවස් දෙකේදී කතා වුණෙත්. ඒ වගේම අද දිනයේ පැවැති පුහුණුවීම් වලදිත් සූදානම් වුණේත් ඒ දේ හදාගන්න. අපි හිතනවා ඒක අපිට හෙර තරගයේදී හදා ගන්න පුලූවන් වෙයි කියලා” යි රත්නායක මහතා අවධාරණය කර සිටියේය.”

ශ‍්‍රී ලංකාව පරාජයට පත් වුණු දෙවැනි තරගයේදී කණ්ඩායම නියෝජනය කරන ලද ප‍්‍රධානම පන්දු යවන්නන් වූ දුෂ්මන්ත චමීර (1), ජෙෆ්රි වැන්ඩර්සි (1) සහ චාමික කරුණාරත්නගේ (4) හොඳින්ම පන්දු යවා තිබෙන පසුබිමක එම පන්දු වාර 6 ප‍්‍රයෝජනයට නොගෙන අතිරේක පන්දු යවන්නන්ගේ සේවය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා නායක දසුන් ශානක පියවර ගැනීම පිළිබඳව රත්නායක මහතා ඉහත අනාවරණය කර සිටියේය. මෙහිදී නායක ශානකට අමතරව කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක එක්කෙනා පන්දුවාර 2 බැගින් ක‍්‍රියාත්මක කරන ලද පන්දුවාර 6 දී ලකුණු 48 ක් ලබා ගැනීමට ප‍්‍රතිවාදී පිතිකරුවන් සමත්වූහ.”

ශ‍්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියේ නිල අනුග‍්‍රාහකයා DFCC බැංකුව DFCC බැංකුව, ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන 2022 එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහක ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටී. කාටත් ගැළපෙන බැංකුව ලෙස, ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම ක‍්‍රීඩාවක් වන ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අනුග‍්‍රාහකත්වය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් DFCC බැංකුව ආඩම්බර වන අතර, එය රටේ වැඩි පිරිසක් වෙත සමීප වීමට තමන්ට ලැබුණු අවස්ථාවක් බවද විශ්වාස කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment