ජයම්පති බණ්ඩාර නඩු 10 කින් නිදහස්

248

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ ගණනාවක් අවභාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩු 10 කින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (21 දා) නියෝග කළේය. එම සැකකරුට එරෙහිව පවරා ඇති නඩු සියල්ල තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොගොස් ඉල්ලා අස්කර ගනනා බව කියමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය කළ කරුණු දැක්වීම සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

මේ අතර තංගල්ල ප‍්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී ධීවර ජනතාවගේ හා සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාවගේ අවශ්‍යතා සඳහා නිවාස ඉදිකිරීම සඳහා ධීවර අමාත්‍යාංශයෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 53 ක් අවභාවිත කිරීම ඇතුළු අධිචෝදනා යටතේ ධීවර අමාත්‍යාංශයේ තංගල්ල සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු සැකකරුවන් තිදෙනකු ද චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති අනෝමා පොල්වත්ත නඩු තීන්දුව අනුව නැවත නඩු පැවරීමට යටත්ව එම නඩුව ද ඉල්ලා අස්කර ගන්නා බව සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය එහිදී අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment