ජයශ‍්‍රී සංගීත කණ්ඩායමේ වාරණය ඉවතට

540


ජයශ‍්‍රී සංගීත කණ්ඩායම ගායනා කරන මොඩ් ගොවියා සහ සුන්දරියේ යන ගීත ඇල්බම්හි අඩංගු ගීත 20ක් ගායනා කිරීම,අන්තර්ජාලයට මුදාහැරීම සහ ප‍්‍රචාරය කිරීම වලකාලමින් එහි සාමාජිකයින් දෙදෙනකු වෙත කොළඹ වානිජ අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය අද ඉවත් කළේය.එම සංගීත කණ්ඩායමේ සාමාජික අරුණ ලියනගේ විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල සලකා බැලූ වානිජ මහාධිකරණය සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙක් ලෙස කටයුතු කළ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත්ට එරෙහිව එම නියෝග නිකුත්කර තිබුණි.නඩු විභාගය යළි මැයි මස 27දා කැඳවීමට නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment