ජයසිරිපුරට කඩාවැදුණු අලි – පාසල් දරුවන්ට නිවාඩු දෙති

249

ඇලහැර ජයසිරිපුර ගම්මානයට ඊයේ උදේ වන අලි රංවුවක් කඩා වැදීම නිසා පෙර පාසලේ දරුවන් සහ ජයසිරිපුර විදුහලේ සිසුන් නිවෙස්කරා යැවීමට පෙර පාසල් පාලිකාව හා ජයසිරිපුර විදුහලේ විදුහල්පති සරත් ගුණසිංහ මහතා පියවර ගෙන තිබිණි. උදේ 7.00ට පමණ වන අලින් අට දෙනෙක් සමග වන අලි පැටව් දෙදෙනෙක් පාසල් භුමියේ සැරිසරා තිබේ.

එම වන අලින් වෙල්යාය මැද ලඳු කැලෑව තුළ රැඳීසිටීම නිසා සිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් නිවෙස්කරා යැවීමට බලධාරීන් පියවර ගෙන තිබිණි. අංගම්මැඩිල්ල වනජිවි කාර්යාලයේ නිලධාරීහු පැමිණ අලින් කැලෑවට පලවා හැරීමේ උත්සාහයක නිරත වූහ.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment