ජයසිරි මහ බෝධීන් වහන්සේ අංකුරයක් වියට්නාමයට වැඩම කෙරේ

158

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වියට්නාමයේ බායි ජින් මහා විහාරයට වැඩම කිරීම පසුගියදා සිදුවූහ.

ආසියාවේ සැදැහැවතුන් විශාල ප්‍රමාණයකගේ වන්දනාවට පාත්‍ර වන මෙම විහාරස්ථානයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කරමින් එම රටෙහි ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව උදාකර දීමත්, රටෙහි සෞභාග්‍යය හා සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම අපේක්ෂාවයි. එම අංකුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හෝතී තාන්ටි්‍රක් මහත්මිය ඇතුළු දූත පිරිස වෙත ආගමික වතාවත් සිදු කරමින් චාරිත්‍රනූකූලව බාර දුන්හ. වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර දිගු කාලීන සබඳතාවක් පවතින අතර මේ හරහා එය තව තවත් ශක්තිමත් වන බව මහාසංඝරත්නය මෙහිදී පෙන්වා දුන්හ. වැඩම කළ ජය ශ්‍රී මහා බෝධී අංකුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ, රැවන්වැලි චෛත්‍යාරාමාධිපති ඊතලවැටුණවැවේ ඤාණතිලක නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් එම විහාරස්ථානයේ රෝපණය කිරීම අද (27) සිදු කිරීමට නියමිතය.
සටහන හා ජායාරූප නාච්චාදුව – ප්‍රභාත් වනසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment