ජර්මන් කතකගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කළැයි සම්බාහන සේවකයෙක් අත්අඩංගුවට

773

සම්බාහනය සඳහා පැමිණි විදේශීය කාන්තාවකට ලිංගික අතවර කරන ලද බව කියන සම්බාහන සේවකයෙකු අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

සම්බාහනය කරවා ගැනීම සඳහ‍ා තමා උණවටුන මැටරඹ ප්‍රදේශයේ හෝටලයකට පැමිණි බවත් එහි සේවකයෙකු විසින් සම්බාහනය කරමින් සිටියදී ඔහු ඇඟිලි තුඩුවලින් තමාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කොට ලිංගික අතවරයක් සිදුකළ බවත් පවසා 65 හැවිරිදි ජර්මානු ජාතික කාන්තාවක් හබරාදුව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව ඇය සම්බාහනය කරන ලද ඉමදුව හව්පේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක විමල් යන මහත්වරුන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ. සැකකරු ගාල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment