ජර්මන් ජාතිකයා නවාතැන් පළේ ආලින්දයේ ගෙල වැලලාගනී

836

දමන පොලිස් බල ප්‍රදේශයේ හිඟුරාන නගරය ආසන්නයේ නවාතැන් පළක සිටි ජර්මන් ජාතිකයකු 03 වැනිදා රාත්‍රියේ දී නවාතැන් පළේ ආලින්දයේ ගෙල වැළලාගෙන මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මකියස් සින්කර් නැමැති අවුරුදු පනස් දෙකක් වයසැති ජර්මන් ජාතික ව්‍යාපාරිකයෙකි.

මොහු සෑම වසරකම වාගේ ලංකාවට සංචාරයට පැමිණෙන අතර අම්පාර ප්‍රදේශයේ හිඟුරාන නගරයට පැමිණ මාස දෙකක පමණ කාලයක් රැඳී සිටින අයෙකි. මෙවර ලංකාවට පැමිණි මොහු මාස 4කට ආසන්න කාලයක් හිඟුරාන ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇත.

මොහු සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති අතර දියණියන් දෙදෙනකුගේ පියෙකි. අද දියණියකගේ උපන් දිනය යෙදී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අම්පාර නියෝජ්‍ය පොලිස්පති සෙනවිරත්න මහතාගේ උපදෙස් මත අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතාගේ මග පෙන්වීමෙන් පොලිස් අධිකාරී පී. හේරත් මහතාගේ අධීක්ෂණයෙන් දමන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් දිසානයක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප උපුල්, පො.සැ. වීරමන් ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු පවත්වති.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment