ජර්මන් ජාතිකයෙකු මාරවිලදී මියයයි

347

මාරවිල සංචාරක හෝටලයක රැඳී සිටි ජර්මන් ජාතිකයෙකු ඊයේ (12) දහවල් මියගොස් ඇති බව මාරවිල පොලීසිය පවසයි.
වයස අවුරුදු හැත්තෑ හයක් වූ මිය ගිය ජර්මන් ජාතිකයා පසුගිය ඔක්තෝබර් මස 26 වෙනි දින හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණ තිබේ.
2018 වර්ෂයේ ලංකාවට පැමිණ ඇති මියගිය ජර්මන් ජාතිකයා පානදුර ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී ඇයගේ නිවසේ රැදී ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment