ජර්මන් පෙම්වතිය මත්කර අතවර කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

1405

ජර්මන් ජාතික 32 හැවිරිදි තරුණියක් කොල්ලූපිටිය හෝටලයක් තුළදී මත්කර අතවරයට ලක් කළ බව කියන 28 හැවිරිදි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව කොල්ලූපිටිය පොලිසිය කියයි. 32 හැවිරිදි ජර්මන් ජාතික තරුණිය වෛiවරයකු වෙත ඉදිරිපත් කර ඇති අතර වෛi වාර්තා ලැබීමට නියමිතය. සැකකාර ව්‍යාපාරිකයා වසර හයක පමණ කාලයක සිට ජර්මන් ජාතික තරුණියගේ මිතුරෙක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජර්මන් ජාතික තරුණියගේ පියා ලාංකිකයකු වන හිටපු නාවික නිලධාරියෙක් බවත් මව ජර්මන් ජාතික කාන්තාවක් බවත් පොලිසිය කියයි.

ඉකුත් දෙසැම්බර් 18 වැනි දින මෙරටට පැමිණ තිබූ ජර්මන් ජාතික තරුණිය තංගල්ල ප‍්‍රදේශයේ ඥාති නිවසක නැවතී සිට අනතුරුව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා සම`ග නුවර ප‍්‍රදේශයේ හෝටලයක සති දෙකක කාලයක් පමණ නවාතැන් ගෙන සිට ඇතැයි ද පොලිසිය කියයි.

6 වැනි දින මෙරටින් පිටව යෑමට නියමිතව සිටි තරුණිය ව්‍යාපාරිකයා සම`ග ඉකුත් 4 වැනි දින කොල්ලූපිටිය ප‍්‍රදේශයේ හෝටලයකට පැමිණ එදින රාත‍්‍රී සමාජ ශාලාවකට දෙදෙනා සම`ගම ගොස් ඇති අතර පසුදින අලූයම 4 වන තෙක් එහි රැඳී සිට තරුණිය වොඞ්කා පානය කර ඇති අතර තරුණයා ද මත්පැන් පානය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. තරුණියගේ ක්‍රෙඩිට් කාඞ්පත එහිදී අස්ථානගත වී ඇති අතර සැකකාර ව්‍යාපාරිකයා එය එතරම් ගණන් නොගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී අනතුරුව තරුණිය පමණක් ත‍්‍රීරෝද රථයකින් නැවතී සිටි කොල්ලූපිටිය ප‍්‍රදේශයේ හෝටලය වෙත පැමිණ ඇතැයි පොලිසිය කියයි. එම හෝටලයේ ගත කරන අතර වාරයේදී හෝ වොඞ්කා පානය කරන අවස්ථාවේදී තමන්ට මත්වීමට යම් පානයක් ලබාදී දූෂණය කර ඇති බවත් ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

තමන් නින්දෙන් අවදි වන විට යට ඇඳුම පමණක් තිබූ බවත් අනෙක් ඇඳුම් නාන කාමරය තුළ තිබූ බවත් එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment