ජර්මනියට සන්ධාන රජයක්

400

ජර්මනියේ නව පාලනය පක්ෂ අතර හවුල් සන්ධානයක් මත ගොඩනැගෙන රජයක් යැයි එරට දේශපාලන අංශ සඳහන් කරයි.

මූලික ප්‍රතිඵල අනුව වමට බර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රකාශිත ඡන්දවලින් 25.7ක ප‍්‍රතිශතයක් ලබා තියුණු ජයක් වාර්තා කර ඇත.කොන්සර්වෙටිව් සන්ධානයට හිමිව ඇත්තේ සියයට 24.1ක ප්‍රතිශතයකි.මේ අතර ජර්මන් දේශපාලන පොර පිටියේ ඉදිරියට එමින් සිටින පක්ෂය ලෙස සැලකෙන ග්‍රීන්ස් පක්ෂය ලබාගෙන ඇති ප්‍රතිශතය 14.8කි.

ඒ අනුව චාන්සලර් ධූරයෙන් නික්මයන ඇන්ජෙලා මර්කල් ගේ පක්ෂයට දෙවැනි ස්ථානය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment